ගුරුවරුනුත් තෙල්වලට සහන ඉල්ලයි

රජය විසින් ඉන්ධන සඳහා QR කේතය අනිවාර්ය කිරීමත් සමඟ ගුරුවරුන්ටත් මේ වනවිට දැඩි දුෂ්කරතාවයන්ට මුහුණදීමට සිදුව ඇති බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු පවසනවා.

රජය විසින් ලබාදී ඇති ඉන්ධන ප්‍රමාණය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව සඳහන් කරන සභාපතිවරයා සතියක අවශ්‍ය ඉන්ධන ලබාගැනීම සඳහා නිවාඩු දමා ඉන්ධන පෝලිම්වල ගත කිරීමට ගුරුවරුන්ට සිදුව ඇති බවයි පවසන්නේ.

එමෙන්ම මේ දිනවල සිදුකෙරෙන සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් සඳහා ද එය බාධාවක් වී ඇති බවත් සභාපතිවරයා සඳහන් කරනවා.

ඒ, අනුව විශේෂයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබඳව රජයේ අවධානය යොමුකර සහන ලබාදීමට කටයුතු කරන ලෙස ඉල්ලීම් කරන බවයි ඔහු අද (16) දින පැවති මාධ්‍ය හමුවක දී සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
0
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !