ගුරුවරියට කොරෝනා – පන්තිය දින 14ක් වහාම වසා දමයි

අත්තනගල්ල වැලිකඩමුල්ල කනිටු විදුහලේ තුන ශ්‍රේණියේ පන්ති භාර ගුරුවරියකට කොරෝනා වයිරසයට ආසාදනය වීම නිසා එම පන්තිය දින 14කට වසා දැමූ බව සෞඛ්‍ය අංශ කියයි.

සිසුන් 26 දෙනකු එම පන්තියේ අධ්‍යාපනය ලබන අතර සියලු සිසුන් ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවකට ලක් කළ බව ද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.එම ගුරුවරිය සමීපව ඇසුරුකළ ගුරු මහත්ම මහත්මීහු හය දෙනකුට පී.සී.ආර් පරික්ෂණයකට යොමු කළ ද ඔවුනට වයිරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වූ බව ද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !