ගීතා කුමාරසිංහට නිලධාරියෙකු මුහුණටම බැණවදී

ඊයේ (17) ඇල්පිටිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ රැස්වීම පැය පහකට ආසන්න කාලයක් පවත්වාගෙන යාම ගැන කෝපයට පත් රාජ්‍ය නිලධාරියෙක් ඇයට මුහුණටම බැණවැදී එයින් පිටව ගොස් තිබෙනවා.

උදැසන 10.00 ට පමණ ආරම්භ වූ රැස්වීමේ වැඩිම වේලාවක් ගතවූයේ 2021 ගම සමග පිළිසදරක් ව්‍යාපෘති යෝජනා අනුමතකර ගැනීම සදහා සහ ග්‍රාමීය මාර්ග සංවර්ධන හා නවීකරණ යෝජනා අනුමත කර ගැනීම සදහාය.

සියළු රාජ්‍ය ආයතනවල ගැටළු ප්‍රශ්න හා යෝජනා ගැන සාකච්චා කිරීමෙන් අනතුරුව සභාව අවසන් කිරීමට සූදානම්ව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ නිලධාරියාගෙන් ඊට අයත් ඇල්පිටිය ප්‍රදේශයේ ඇති ඉඩම් පිළිබද වාර්තාවක් කමිටුවට ලබාදිය හැකිදැයි සභාපතිනි ගීතා කුමාරසිංහ මහත්මිය ඉල්ලා සිටියාය.

එම නිලධාරියාගෙන් කමිටු සභාපතිනිය කළ ඉල්ලිම ඔහු ප්‍රතික්ෂේප කළේය. එවිට ඔහුට අසුන් ගන්නැයි සභාපතිනිය ඉල්ලා සිටිවිට තමන්ට තවත් කාරුණික ඉල්ලීමක් කිරීමට ඇතැයි පැවසූ ඔහු තමන්ගේ නමද පවසා පෙරවරු දහයේ සිට පස්වරු තුන දක්වා රාජ්‍ය නිලධාරින් මෙහි රදවා තබාගෙන ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන් සමග සාකච්චා කිරීම නොකළ යුතු බව පැවසීය.

එම අවස්ථාවේදී මන්ත්‍රීවරු ඔහුට දොස්නැගූ අතර පසුව ඔහු සභාපතිනිය ඉදිරියට පැමිණ යළිත් ඊට දෝෂාරෝපනය කරමින් සභාවෙන් පිටව ගියේය. ඉන්පසු සභා රැස්වීමේ කටයුතුද නිමා විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07


?