ගීතා කුමාරසිංහට නිලධාරියෙකු මුහුණටම බැණවදී

ඊයේ (17) ඇල්පිටිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ රැස්වීම පැය පහකට ආසන්න කාලයක් පවත්වාගෙන යාම ගැන කෝපයට පත් රාජ්‍ය නිලධාරියෙක් ඇයට මුහුණටම බැණවැදී එයින් පිටව ගොස් තිබෙනවා.

උදැසන 10.00 ට පමණ ආරම්භ වූ රැස්වීමේ වැඩිම වේලාවක් ගතවූයේ 2021 ගම සමග පිළිසදරක් ව්‍යාපෘති යෝජනා අනුමතකර ගැනීම සදහා සහ ග්‍රාමීය මාර්ග සංවර්ධන හා නවීකරණ යෝජනා අනුමත කර ගැනීම සදහාය.

සියළු රාජ්‍ය ආයතනවල ගැටළු ප්‍රශ්න හා යෝජනා ගැන සාකච්චා කිරීමෙන් අනතුරුව සභාව අවසන් කිරීමට සූදානම්ව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ නිලධාරියාගෙන් ඊට අයත් ඇල්පිටිය ප්‍රදේශයේ ඇති ඉඩම් පිළිබද වාර්තාවක් කමිටුවට ලබාදිය හැකිදැයි සභාපතිනි ගීතා කුමාරසිංහ මහත්මිය ඉල්ලා සිටියාය.

එම නිලධාරියාගෙන් කමිටු සභාපතිනිය කළ ඉල්ලිම ඔහු ප්‍රතික්ෂේප කළේය. එවිට ඔහුට අසුන් ගන්නැයි සභාපතිනිය ඉල්ලා සිටිවිට තමන්ට තවත් කාරුණික ඉල්ලීමක් කිරීමට ඇතැයි පැවසූ ඔහු තමන්ගේ නමද පවසා පෙරවරු දහයේ සිට පස්වරු තුන දක්වා රාජ්‍ය නිලධාරින් මෙහි රදවා තබාගෙන ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන් සමග සාකච්චා කිරීම නොකළ යුතු බව පැවසීය.

එම අවස්ථාවේදී මන්ත්‍රීවරු ඔහුට දොස්නැගූ අතර පසුව ඔහු සභාපතිනිය ඉදිරියට පැමිණ යළිත් ඊට දෝෂාරෝපනය කරමින් සභාවෙන් පිටව ගියේය. ඉන්පසු සභා රැස්වීමේ කටයුතුද නිමා විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්දේ අහන්න ඕන අඳුරු මතක - අපි මාර විදිහට දුක් වින්දා මහත්තයෝ
32:04
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.09
09:30:44
Video thumbnail
අනුරපුරම කම්පා කළ අනියම් පෙම - ජීවිතය නැති කරලා පාංශුකූලයත් දීලා
04:01
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රී හැමෝම හඬවා අවසන් ගමන් ගිය හැටි
18:17
Video thumbnail
ඇයි වයසක අපිව මෙහෙම රැවට්ටුවේ - වැඩි කරනවා කියපු අපේ විශ්‍රාම වැටුප කෝ
08:23
Video thumbnail
ගාන්ධිතුමාගේ සරලකම ගැන ඔබ නොදත් කතාව
03:27
Video thumbnail
පිල්ලයාන් ගත්තා කියලා දැනගත්ත ගමන් මිනිස්සු පාරට බැහැලා සතුට සමරපු හැටි
00:19
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක
00:32
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක - මර්වින්ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත්
05:34
Video thumbnail
වසන්ත පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අපි තමයි අපේ රටේ ත්‍ර#තවාදය පරාජය කළේ
20:26

?