ගිනි ගැනීමට ලක් වූ රජරට රැජන දුම්රියේ එන්ජිමට සීල් තියයි

අද (25) අලුයම ගිනි ගැනීමට ලක් වූ රජරට රැජන දුම්රියේ එන්ජිම සීල්කර අනුරාධපුර දුම්රිය අංගනයේ දුම්රිය ආරක්ෂක අංශ නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ තබා ඇති බව වාර්තා වනවා.

පරීක්ෂණ මණ්ඩලයක් පත්කර ගිනි ගැනීමට ලක් වූ එන්ජිම පරීක්ෂාකර බලන තෙක් ප්‍රධාන ඉංජිනේරුවරයාගේ උපදෙස් පරිදි දුම්රියේ එන්ජිම එලෙස සීල්කර ඇති බවයි වාර්තා වුණේ.

අනුරාධපුරය සිට බෙල්ලඅත්ත දක්වා ධාවනය වූ රජරට රැජින දුම්රියේ එන්ජිම අද (25) අලුයම ගිනි ගැනීමට ලක්වුණේ අනුරාධපුර නව නවනගරයට ආසන්නව දහයියාගම ප්‍රදේශයේ දීයි.

ඒ හේතුවෙන් වෙනත් එන්ජිමක් දුම්රියට සවි කිරීමෙන් අනතුරුව එය යළි ධාවනයට එක් කිරීමටයි කටයුතු කර තිබුණේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
4
+1
0
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?