ගිනිඅවි සහ පතොරම් රජයට භාරදීමට තිබූ කාලය දීර්ඝ කෙරේ

ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් පුද්ගලයින්ට ලබා දී ඇති සියලුම වර්ගයේ ගිනිඅවි සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ එම ගිනිඅවි සහ පතොරම් රජයට භාරදීමට තිබූ කාලය දීර්ඝ කර ඇති බවයි.

ඒ අනුව අදාළ ගිනිඅවි සහ පතොරම් නොවැම්බර් මස 21 වැනි දින දක්වා යළි රජය වෙත භාරදීම සඳහා ලබා දී තිබූ කාලය දීර්ඝ වනු ඇති.

ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් සියලුම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය හරහා 2024.10.06 දින නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයට අනුව සිවිල් පුද්ගලයින් හට මෙම අමාත්‍යාංශය මගින් ජීවිත ආරක්‍ෂාව සඳහා ලබාදුන් බලපත්‍ර සහිත ගිනි අවි 2024.11.07 දිනට පෙර වැලිසර පිහිටි නාවික හමුදාවේ රජයේ වාණිජ පුපුරණ ද්‍රව්‍ය ගබඩාව වෙත භාරදෙන ලෙසටයි දැනුම්දී තිබුණේ.

නමුත්, දැනට විදෙස්ගතව සිටින බලපත්‍රලාභීන් වැනි විවිධ පාර්ශ්වයන් මෙම අමාත්‍යාංශය වෙතින් සිදු කරන ලද ඉල්ලීම් සලකා බැලීමෙන් හා බලපත්‍රලාභීන් හට ගිනිඅවි සහ පතරොම් භාරදීම සම්බන්ධව ලිපි මගින් දැනුම්දීමට ප්‍රමාණවත් කාලයක් නොමැති වීම හේතුවෙන් එකී කාලසීමාව උක්ත පරිදි දීර්ඝ කිරීමට තීරණය කළ බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරනවා.

එම දීර්ඝ කිරීම නොවැම්බර් මස 21 වැනි දා දක්වා සිදු කළ බවත්; ඒ පිළිබඳව සියලුම බලපත්‍රලාභින්ට ලිඛිතව දැනුම්දීමට ක්‍රියා කරන ලද බවත්, ආරක්‍ෂක අමාත්‍යාංශය සිය නිවේදනය මගින් වැඩිදුරටත් දැනුම්දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මොන තරම් විරාජමානව වැජඹුනත් හැම කෙනාම නීතියේ හමුවට ගේනවා..ජනපතිගෙන් සැර කතාවක්
06:39
Video thumbnail
දත්ත කේන්ද්‍රීයව නෙවෙයි ද මේ ණය වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ..?සජිත් කුපිත වී හොඳටම කියයි
01:42
Video thumbnail
කවුද කතරගම ගිහින් පොල් ගැ#වේ..ත්‍රිකුණාමල සිද්ධියට හරිනි විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
08:32
Video thumbnail
"මේ කු#ඩෝ නිසා අපිත් නෝන්ඩි වෙනවා"මොරටුව බස් නැවතුමේ විශේෂ මත්ද්‍රව්‍යය පරීක්ෂාවක්
04:22
Video thumbnail
"ගොවියොන්ට පාරට බැහැලා හිඟා කන්න වෙන්නේ.."කැකිරාවේ ගොවීන් දැඩි අසරණවෙයි
05:06
Video thumbnail
විපක්ෂයේ සෙට් එක උදෙන්ම කතානායකගෙන් ගේම ඉල්ලයි..කුණුහර්ප කියන්න එපා ඇ#ලා දානවා එළියට
03:23
Video thumbnail
8 වැනිදායින් පස්සේ කාලගුණයේ වෙන්න යන වෙනස මෙන්න..ධීවර ප්‍රජාවට රතු එළියක්
02:58
Video thumbnail
පාර්ලිමේන්තුව සජීවීව - 06.02.2026
00:00
Video thumbnail
මහ රෑම සුපර්මාර්කට් එකට පැ#ලා බෝතල්වල්ට දුන්න සුද්දය
00:41
Video thumbnail
මහ රෑම සුපර්මාර්කට් එකට පැ#ලා බෝතල්වල්ට දුන්න සුද්දය කොහොමද ?
03:24


?