Empty Ad
AFC Banner
Empty Ad

ගිනිඅවි සහ පතොරම් රජයට භාරදීමට තිබූ කාලය දීර්ඝ කෙරේ

ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් පුද්ගලයින්ට ලබා දී ඇති සියලුම වර්ගයේ ගිනිඅවි සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ එම ගිනිඅවි සහ පතොරම් රජයට භාරදීමට තිබූ කාලය දීර්ඝ කර ඇති බවයි.

ඒ අනුව අදාළ ගිනිඅවි සහ පතොරම් නොවැම්බර් මස 21 වැනි දින දක්වා යළි රජය වෙත භාරදීම සඳහා ලබා දී තිබූ කාලය දීර්ඝ වනු ඇති.

ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් සියලුම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය හරහා 2024.10.06 දින නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයට අනුව සිවිල් පුද්ගලයින් හට මෙම අමාත්‍යාංශය මගින් ජීවිත ආරක්‍ෂාව සඳහා ලබාදුන් බලපත්‍ර සහිත ගිනි අවි 2024.11.07 දිනට පෙර වැලිසර පිහිටි නාවික හමුදාවේ රජයේ වාණිජ පුපුරණ ද්‍රව්‍ය ගබඩාව වෙත භාරදෙන ලෙසටයි දැනුම්දී තිබුණේ.

නමුත්, දැනට විදෙස්ගතව සිටින බලපත්‍රලාභීන් වැනි විවිධ පාර්ශ්වයන් මෙම අමාත්‍යාංශය වෙතින් සිදු කරන ලද ඉල්ලීම් සලකා බැලීමෙන් හා බලපත්‍රලාභීන් හට ගිනිඅවි සහ පතරොම් භාරදීම සම්බන්ධව ලිපි මගින් දැනුම්දීමට ප්‍රමාණවත් කාලයක් නොමැති වීම හේතුවෙන් එකී කාලසීමාව උක්ත පරිදි දීර්ඝ කිරීමට තීරණය කළ බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරනවා.

එම දීර්ඝ කිරීම නොවැම්බර් මස 21 වැනි දා දක්වා සිදු කළ බවත්; ඒ පිළිබඳව සියලුම බලපත්‍රලාභින්ට ලිඛිතව දැනුම්දීමට ක්‍රියා කරන ලද බවත්, ආරක්‍ෂක අමාත්‍යාංශය සිය නිවේදනය මගින් වැඩිදුරටත් දැනුම්දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර ඇතුළේ ඉද්දී පක්ෂයේ ප්‍රබලයෝ රැස්වෙයි - චාමර බලන්න යන අයට වෙන දේ මෙන්න
18:45
Video thumbnail
ලොකු ආරක්ෂාවක් එක්ක ජනපති අනුර ගැම්මෙන් බුත්තලට ආපු හැටි කොහොමද ?
02:44
Video thumbnail
ජනාධිපති අධිකරණයට බලපෑම් කරනවා ? ගම්මන්පිල අදත් හෙළිදරව්වක් කරයි
07:21
Video thumbnail
අපි හාල් ගේන්නේ නෑ කියලා හිතුවේ - ඒත් අපිට හාල් රටින් ගේන්න වෙනවා
03:54
Video thumbnail
හිමි නමක් ලොකු තැනට සුද්ද සිංහලෙන් අමතයි
03:31
Video thumbnail
අද රෑ 12න් පස්සේ ෆිනෑන්ස් නොගෙවපු වාහන ඔක්කොම උස්සනවා - හෙළිදරව්ව මෙන්න
06:41
Video thumbnail
බුත්තල හොල්ලපු ජනපතිගේ සුපිරි කතාව - ගමේ වැඩ කරන්න බලය අපිට දෙන්න
45:35
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන බුත්තල ජනතා රැලිය - සජීවීව
02:51:09
Video thumbnail
නියෝජ්‍ය ඇමති රාජපක්ෂලාගේ පලු අරිද්දී නිවේදකයා ඇමතිගේ කතාව නවත්වයි - මේ මොකක්ද මේ වෙන්නේ
14:50
Video thumbnail
පොහොට්ටුව ආණ්ඩුවේ සායම යවපු හැටි
15:31

?