ගිනි අවි සහ උණ්ඩ සමග 3ක් අත්අඩංගුවට

පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ මෙහෙයුම්වලදී ප්‍රදේශ කිහිපයකින් ගිනි අවි සමග පුද්ගලයන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එක් අයෙක් අත්අඩංගුවට පත්වී ඇත්තේ කලුතර කොට්ඨාශ අපරාධ විමර්ශණ ඒකකය මගින් දර්ගා නගරය ප්‍රදේශයේදී කළ මෙහෙයුමකදීයි.

එහිදී රිවොල්වරයක් සහ ඊට යොදන උණ්ඩ 6ක් සමගින් 30 හැවිරිදි සැකකරුවෙක් අත්අඩංගුවට ගනු ලැබුවා.

එම සැකකරුට එරෙහිව කලුතර සහ මතුගම මහේස්ත්‍රාත් අධිකරණවල පුද්ගල ඝාතන නඩු පවතින අතර එම නඩුවලට අදාළව ඇප ලබා සිටින අයෙක් බවටයි හෙළිවී ඇත්තේ.

එමෙන්ම කෑගල්ල ඉඹුල්ගස්දෙණිය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය කළ වැටලීමකදී ගිනි අවියක් සහ උණ්ඩ 4ක් සමග 28 හැවිරිදි අයෙක් අත්අඩංගුවට ගැනුනා.

මේ අතර අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශණ ඒකකය විසින් තිරප්පනේ ප්‍රදේශයේදී අවුරුදු 40ක සැකකරුවෙකු ද ගිනි අවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකරුවන් ගිනි අවි ආඥා පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කරන අතර මෙම ගිනි අවි තබාගෙන සිදු කළ අපරාධ සිදුකර ඇත් ද යන්න පිළිබඳව ද විමර්ශණ සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09