AFC Banner
AFC Banner
Empty Ad

ගිනිගත් නැවේ හෙළි නොවූ රහස්

ගිනිගෙන වැනසුණු එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාව සම්බන්ධව වැදගත් තොරතුරු වසන් වීම නිසා ඒවා සෙවීමට රහස් පොලිසිය, නාවික හමුදාව, වෙරළාරක්‍ෂක බළකාය සහ රස පරීක්‍ෂක කාර්යාලය යන ආයතනවල 14 කගෙන් යුත් විමර්ශන කණ්ඩායමක් පත්කර තිබෙනවා.

මේ වන විට හෙළිවී ඇති තොරතුරුවලට අනුව නැවේ තිබූ රසායන කාන්දුවීම මැයි 11 දා කපිතාන්, ප‍්‍රධාන ඉංජිනේරු සහ 2 වැනි ඉංජිනේරුවරයා දැන සිටි බව සනාථ වී තිබුණා.

එහෙත් ඒ ගැන කොළඹ වරාය බලධාරීන්ට දන්වා නැති බවයි අද (09) පුවත්පතක් සඳහන් කර තිබුණේ.

මේ අතර නැවේ තිබූ කන්ටේනර් 1486 න් 81 ක් අනතුරුදායක බහාලූම් බව මුල්වරට හෙළිවී ඇති බවත් එම පුවත්පතේ සඳහන් වනවා.

මෙතෙක් හෙළි වූයේ එම නැවේ නයිට්රික් ඇසිට් රසායන ද්‍රව්‍ය පමණක් තිබූ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?