AFC Banner
AFC Banner
Empty Ad

ගිනිඅවි සමග සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට

මාතර පොලිස් වසමේ පාලටුව ප්‍රදේශයේ දී මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්‍යාංශයේ නිලධාරින්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර නීතිවිරෝධී ලෙස රිවෝල්වර් වර්ගයේ ගිනිඅවි නිපදවනු ලබන ස්ථානයන් වටලා මෙරට නිෂ්පාදිත ගිනි අවියක්, මිලිමීටර් 09 වර්ගයේ පතරොම් 05ක්, වෙල්ඩින් ප්ලාන්ට් 01ක් සහ තවත් උපකරණ සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු 63 හැවිරිදි පාලටුව – මාලිම්බඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේ දී මෙලෙස නිපද වූ ගිනිඅවි දෙකක් මුදලට අලෙවි කර ඇති බවට හෙළි ව තිබෙනවා.

ඒවා මුදලට ගත් සැකකරුවන් දෙදෙනාව ද මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්‍යාංශයේ නිලධාරීන් සිය අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම සැකකරුවන් අවුරුදු 47-54 යන වයස්වල පසුවන අහංගම ප්‍රදේශයේ පදිංචිකරුවන්.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?