AFC Banner
Empty Ad
Empty Ad

ගිණි අවියක් ක්‍රියාත්තමක වී‍මෙන් කුඩා ළමයෙකු මියයයි

අඹන්පොල පොලිස්‌ වසමේ ආගරේ ප්‍රදේශයේදී කොටන තුවක්කුවක්‌ ක්‍රියාත්මක වීමෙන්‌ පුද්ගලයෙකු තුවාල ලබා ගල්ගමුව රෝහලට ඇතුළත්‌ කර තිබෙනවා

එහිදී මෙම පුද්ගලයා මියගොස් තිබේ.

මෙලෙස මියගොස්‌ ඇත්තේ වයස අවුරුදු 16 ක්‌ වන කැත්තපහුව, අඹන්පොල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මියගිය ළමයා ඔහුගේ පියා හා මව සමග ආගරේ ප්‍රදේශයේ පොල්‌ වගා කර ඇති ඉඩමේ පිහිටි පැල වෙත ගොස්‌ සිට ඇති අතර ළමයා එම පැලේ නතර කර ඔහුගේ මව සහ පියා ඒ අසල පිහිටි ගොයම්‌ වගා කර ඇති කුඹුරේ පැලට ගොස්‌ සිට ඇත. එම අවස්ථාවේ පොල්‌ වගා ‘කරන ලද ඉඩම දෙසින්‌ වෙඩි ශබ්දයක්‌ ඇසී ඒ පිළිබඳ පරීක්ෂා කිරීමේදී තුවාල සහිතව ඔවුන්ගේ පුතා පැල ආසන්නයේ කොටන තුවක්කුවක්‌ ද සමඟ වැටී සිටියදී රෝහල්‌ ගතකර ඇති බවට සිදුකල විමර්ශනයේදී අනාවරණය වි ඇත.

මෘත දේහය ගල්ගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත.

අඹන්පොල පොලිස්‌ ස්ථානය විසින්‌ වැඩිදුර විමර්ශන සිදු කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?