AFC Banner
AFC Banner
Empty Ad

ගෑස් හිඟය මැද්දේ ජනතාව හුරා කන මාෆියාව

පවතින ගෑස් හිඟය හමුවේ වංචනික ලෙස ගෑස් මිලදී ගැනීම් නවතා දැමීම සඳහා පාරිභෝගිකයින්ගේ අනන්‍යතාව සහතික කර ගෑස් ලබාදීමට අලෙවි නියෝජිතයින් මේ වනවිට කටයුතු කරමින් සිටින අයුරු දක්නට ලැබෙනවා.

“එක පුද්ගලයෙකුට එක සිලින්ඩරයයි. ගෑස් ලබාගැනීමට විදුලි හෝ ජල බිල්පතක් රැගෙන ආ යුතුයි. නොවැම්බර් බිල,” යනුවෙන් ගෑස් අලෙවි කිරීමේ නියෝජිතයින් සිය පාරිභෝගිකයින් ගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ඇතැම් පුද්ගලයින් හිස් ගෑස් සිලින්ඩරයක් නොමැතිව පෙහොර උරයක් රැගෙන විත් ගෑස් සිලින්ඩර මිලට ගෙන වැඩි මිලට ඒවා අලෙවි කිරීමේ ජාවාරමක නිරත වන බව ඇතැම් ප්‍රදේශවලින් වාර්තා විය.

නමුත් එම ජාවාරම්කරුවන්ට ඇති බිය හේතුවෙන් ප්‍රදේශවාසීන් ඒ පිළිබඳ අදහස් පලකිරීමෙන් වැළකී තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?