ගෑස් සිලින්ඩරයක් පුපුරා අවසන් ගමන් ගිය අයේෂා

පොලොන්නරුව වැලිකන්ද සඳුන්පිටිය ගම්මානය නිවසක ගෑස් සිලින්ඩරයක් පිපිරී බරපතළ තුවාල ලබා කොළඹ මහ  රෝහලේ දින 12 ක් ප්‍රතිකාර ලබමින් සිටි 19 වියැති  විවාහක  කතක්   අද (25)  සවස මියගොස් ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.

මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ වැලිකන්ද සඳුන්පිටිය  අංක 68 ලිපිනයේ පදිංචිව සිටි  බී.ජී. අයේශා කුමුදුනි යන අය බව වැලිකන්ද පොලිසිය සඳහන් කරයි.

පසුගිය 13  වැනිදා ඇය නිවසේ  මුළුතැන් ගෙයි තිබූ  ගෑස් උදුන දැල්වීම්ට යෑමේදී එය දැල් වී නොමැති නිසා ගිනිකූරක් මගින්  දැල්වීමට උත්සාහ දැරීමක් සමග ගෑස් සිලින්ඩරය පුපුරා ගොස් ඇති බව   පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

සිද්ධිය වන විට  නිවසේ වෙනත් කිසිවකුත් නොසිට ඇති අතර අසල්වාසීන් පැමිණ  ගෑස් ලිපෙන්  මුළුතැන්ගෙයි පුරා නැඟුණු ගිනි නිවා අසල්වාසීන් විසින් ඇයව වැලිකන්ද ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත.

මේ සම්බන්ධ නිවසියන්  වැලිකන්ද  පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත් ඒ  සම්බන්ධ විමර්ශන කටයුතු  අවසන් කර අද අවසන් කටයුතු කිරීමට  පවුලේ ඥාතීන්ට දේහය භාරදුන් බව  වැලිකන්ද පොලිස්  ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.

මියගිය කතගේ පියා වන දිඹුලාගල පැළලටියාව  අංක 481 ලිපිනයේ පදිංචි 51 වියැති බී.ජී. ජයසූරිය මහතා සඳහන් කළේ මෑතක දී ගන්නා ලද සිලින්ඩරයක් පුපුරා තම දියණියට මෙම අවාසනාවන්ත  මරණය සිදු වූ බවයි.

මේ පිළිබඳ අදාල බලධාරීන්ගේ විශේෂ විමර්ශනයක් සිදුකරන ලෙස ද දෙදරු පියකු වන ජයසූරිය මහතා ඉල්ලීමක් කළේය.

මිය ගිය කතගේ  අවසන් කටයුතු 26  වෙනිදා පැළෑටියාව  පොදු සුසාන භූමියේදී සිදු  කිරීමට නියමිතව ඇත.
 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මොන තරම් විරාජමානව වැජඹුනත් හැම කෙනාම නීතියේ හමුවට ගේනවා..ජනපතිගෙන් සැර කතාවක්
06:39
Video thumbnail
දත්ත කේන්ද්‍රීයව නෙවෙයි ද මේ ණය වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ..?සජිත් කුපිත වී හොඳටම කියයි
01:42
Video thumbnail
කවුද කතරගම ගිහින් පොල් ගැ#වේ..ත්‍රිකුණාමල සිද්ධියට හරිනි විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
08:32
Video thumbnail
"මේ කු#ඩෝ නිසා අපිත් නෝන්ඩි වෙනවා"මොරටුව බස් නැවතුමේ විශේෂ මත්ද්‍රව්‍යය පරීක්ෂාවක්
04:22
Video thumbnail
"ගොවියොන්ට පාරට බැහැලා හිඟා කන්න වෙන්නේ.."කැකිරාවේ ගොවීන් දැඩි අසරණවෙයි
05:06
Video thumbnail
විපක්ෂයේ සෙට් එක උදෙන්ම කතානායකගෙන් ගේම ඉල්ලයි..කුණුහර්ප කියන්න එපා ඇ#ලා දානවා එළියට
03:23
Video thumbnail
8 වැනිදායින් පස්සේ කාලගුණයේ වෙන්න යන වෙනස මෙන්න..ධීවර ප්‍රජාවට රතු එළියක්
02:58
Video thumbnail
පාර්ලිමේන්තුව සජීවීව - 06.02.2026
00:00
Video thumbnail
මහ රෑම සුපර්මාර්කට් එකට පැ#ලා බෝතල්වල්ට දුන්න සුද්දය
00:41
Video thumbnail
මහ රෑම සුපර්මාර්කට් එකට පැ#ලා බෝතල්වල්ට දුන්න සුද්දය කොහොමද ?
03:24


?