ගෑස් ලිපක් පුපුරා යාමෙන් අඹු සැමි යුවළක් බරපතල තුවාල ලබා රෝහලට

ගම්පොළ පුස්සල්ලාව පොලිස් බල ප්‍රදේශයට අයත් හෙල්බොඩ ප්‍රදේශයේ නිවසක ගෑස් ලිපක් පුපුරා යාමෙන් අඹු සැමි යුවළක් බරපතල ලෙස පිලිස්සී ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුලත් කොට තිබේ.

ඇස් දෙක පමණක් ඉතිරි වන්නට සිරුරේ සියලු කොටස් පිළිස්සී ඇති වසන්ත කුමාර නැමැති සැමියා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව පරීක්ෂණ පවත්වන පුස්සල්ලාව පොලිසිය පවසයි.

26හැවිරිදි වසන්ති නැමැති බිරිඳගේ ඉනෙන් පහළ කොටස පිළිස්සි රෝහලට ඇතුළත් කොට තිබේ.

මොවුන් අලුත විවාහ වී සිටින යුවළක් වන අතර ඔවුන්ට මාස පහක දරුවකුද සිටි.

මෙම ගෑස් පිපිරිමෙන් නිවසේ කුස්සියේ වහල ගැලවී විසිවී ඇති බවද පරීක්ෂණ වලින් හෙළි වී තිබේ.

ගම්පොළ ස්ථානීය අපරාධ අංශයේ නිලධාරීන් ඊයේ 19 දින එම ස්ථානයට ගොස් පරීක්ෂණ පැවැත්විය.

පුස්සැල්ලාව පොලිසි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික හේමකුමාර මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වයි.එම්.එස්. යාලයගම මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පැවත්වූහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
6
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.21
00:00
Video thumbnail
වාහනවලට ගමන් කිරීමට නොදී පාරත් බදුගෙන යන මිනිස්සු..හෙල්මට් නැතුව යන්නේ
01:33
Video thumbnail
බෙලිගහ අධිකරණ සංකීර්ණය නිසා චානක - හර්ෂණ පැටලෙයි.."කවදාවත් පැයකටවත් විවෘත කළේ නෑ"
04:34
Video thumbnail
"දැන් පුංචි එංගලන්තේ නෙවෙයි මුඩුක්කු ලන්තේ"..අනවසර ඉදිකිරීම් නිසා ජනතාවට යකා නගියි
05:09
Video thumbnail
යතුරුපැදියක ගැටී පුද්ගලයෙකු එතනම එළොව යයි
00:24
Video thumbnail
පාර්ලිමේන්තුව අසල කාන්තාවක් රථවාහනවලට ප#හර දෙන අයුරු
00:55
Video thumbnail
මුජිබුර් නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි - ජාතික කලාභවනේ පෞරාණික චිත්‍ර 42ක් අතුරුදන් වෙලා..
07:39
Video thumbnail
පාර්ලිමේන්තුව අසල කාන්තාවක් රථවාහනවලට ප#හර දෙන අයුරු.."යවන්න..ඔක්කොම වාහනවලට ග#නවා"
01:28
Video thumbnail
යතුරුපැදියක ගැටී පුද්ගලයෙකු එතනම එළොව යයි.."මෙතන තමයි වැදිලා තියෙන්නේ.."
00:46
Video thumbnail
අගමැතිනියගේ පේස්බුක් පිටුවට කමෙන්ට් එකක් දාලා කෝටි 04ක් වෙන්කරගත් විදුහල්පති
07:12