ගෑස් මිල ඉහළ යන හැටි සමාගම් හෙළි කරයි

ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 835 කින් ඉහළ නැංවිීමේ අවශ්‍යතාවය පවතින බව ලිට්රෝ සමාගම පවසනවා. එහි ආරංචි මාර්ග සඳහන් කළේ ඩොලරයේ වටිනාකම ඉහළ යාම සහ ලෝක වෙළඳපොලේ ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් එම මිල වැඩිකිරීමේ අවශ්‍යතාවය පවතින බවයි.

කෙසේ වෙතත් ලිට්රෝ ගෑස් මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව එම සමාගම සඳහන් කළා.

දැනට ලිට්රෝ ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 2,700 ක මිලකට අලෙවි වන අතර පවතින තත්ත්වය හමුවේ එය රුපියල් 835 කින් ඉහළ නැංවුවහොත් එය රුපියල් 3,235 ක් දක්වා ඉහළ යනු ඇති.

පවතින ඩොලර් අර්බුදය ආනයනික කිරිපිටි මිළ ගණන් සඳහා ද බලපෑමක් සිදුකර ඇති අතර, මිළ වැඩි කිරිම සම්බන්ධයෙන් මේ දක්වා අවසන් තීරණයකට එළඹ නොමැති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?