ගෑස් පිපිරී කල්පිටියේ ගෙයක්ම අළු වෙයි

ගෑස් කාන්දුවීමක් හේතුවෙන් කල්පිටිය කුරක්කන්හේන ගම්මානයේ නිවසක් ගිනිගෙන සම්පූර්ණයෙන් විනාශ වී තිබේ.

ඊයේ (27 දා) අලූයම මෙම නිවසේ හිමිකාරියගේ දියණිය සිය අවුරුද්දක් වයසැති දියණියට කිරි සෑදීම ස`දහා ගෑස් උදුන දල්වා සුළු වේලාවකින් ගෑස් සිලින්ඩරයෙන් විශාල කාන්දුවක් සිදු වූ බවත් ඒ සමගම උදුන පුපුරා ගොස් ගෑස් ගිනි ගැනීමකට ලක්ව ඇති බවත් නිවැසියන් කල්පිටිය පොලිසියට පවසා තිබේ. මෙම නිවසේ වහලය සම්පූර්ණයෙන්ම තහඩුවලින් සකසා තිබී ඇති අතර ලී භාවිත කර බිත්ති සකසා තිබිණි.

ගෑස් කාන්දුව සිදුවී නිවස ගිනි ගැනීමට ලක්වන අවස්ථාවේ නිවසේ කුඩා දැරිය ඇතුළු හත් දෙනකු රැු`දී සිට ඇත. ගිනි ගැනීමත් සමගම නිවෙස තුළින් ඔවුන් එළියට පැන ඇති අතර නිවසේ හිමිකාරිය හා ඇගේ සොහොයුරා සුළු පිළිස්සීමකට ලක්ව තිබේ.

මෙම නිවසේ කුඩා සිල්ලර වෙළෙඳ සලක්ද පවත්වාගෙන ගොස් ඇත. ගිනි ගැනීමෙන් පසු නිවසේ තිබූ සියලූම භාණ්ඩ විනාශ වි ඇති අතර නිවැසියන්ගේ ඇඳිවත පමණක් ඉතිරි වී ඇති බවද පොලිසිය පවසයි. ගිනි ගැනීමෙන් සිදුව ඇති හානිය රුපියල් ලක්ෂ 15 කට ආසන්න බව නිවැසියන් පොලිසියට පවසා ඇත.

ගිනි ගැනීමට ලක්වූ නිවස පුත්තලම කොට්ඨාස අපරාධ ස්ථානීය පරික්ෂණ නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව රජයේ රස පරීක්ෂකවරයා විසින් පරීක්ෂා කිරීමට කල්පිටිය පොලිසියට දැනුම් දී තිබේ.

සිද්ධිය සම්බන්ධව කල්පිටිය පොලිස් ස්ථානාධිපති එම්.අයි.බී.එස්. නිශාන්ත කුමාර, අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උදය කුමාර මහත්වරුන් ඇතුළු නිලධාරීහු විමර්ශන කටයුතු සිදු කරති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?