ගෑස් පිපිරී කල්පිටියේ ගෙයක්ම අළු වෙයි

ගෑස් කාන්දුවීමක් හේතුවෙන් කල්පිටිය කුරක්කන්හේන ගම්මානයේ නිවසක් ගිනිගෙන සම්පූර්ණයෙන් විනාශ වී තිබේ.

ඊයේ (27 දා) අලූයම මෙම නිවසේ හිමිකාරියගේ දියණිය සිය අවුරුද්දක් වයසැති දියණියට කිරි සෑදීම ස`දහා ගෑස් උදුන දල්වා සුළු වේලාවකින් ගෑස් සිලින්ඩරයෙන් විශාල කාන්දුවක් සිදු වූ බවත් ඒ සමගම උදුන පුපුරා ගොස් ගෑස් ගිනි ගැනීමකට ලක්ව ඇති බවත් නිවැසියන් කල්පිටිය පොලිසියට පවසා තිබේ. මෙම නිවසේ වහලය සම්පූර්ණයෙන්ම තහඩුවලින් සකසා තිබී ඇති අතර ලී භාවිත කර බිත්ති සකසා තිබිණි.

ගෑස් කාන්දුව සිදුවී නිවස ගිනි ගැනීමට ලක්වන අවස්ථාවේ නිවසේ කුඩා දැරිය ඇතුළු හත් දෙනකු රැු`දී සිට ඇත. ගිනි ගැනීමත් සමගම නිවෙස තුළින් ඔවුන් එළියට පැන ඇති අතර නිවසේ හිමිකාරිය හා ඇගේ සොහොයුරා සුළු පිළිස්සීමකට ලක්ව තිබේ.

මෙම නිවසේ කුඩා සිල්ලර වෙළෙඳ සලක්ද පවත්වාගෙන ගොස් ඇත. ගිනි ගැනීමෙන් පසු නිවසේ තිබූ සියලූම භාණ්ඩ විනාශ වි ඇති අතර නිවැසියන්ගේ ඇඳිවත පමණක් ඉතිරි වී ඇති බවද පොලිසිය පවසයි. ගිනි ගැනීමෙන් සිදුව ඇති හානිය රුපියල් ලක්ෂ 15 කට ආසන්න බව නිවැසියන් පොලිසියට පවසා ඇත.

ගිනි ගැනීමට ලක්වූ නිවස පුත්තලම කොට්ඨාස අපරාධ ස්ථානීය පරික්ෂණ නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව රජයේ රස පරීක්ෂකවරයා විසින් පරීක්ෂා කිරීමට කල්පිටිය පොලිසියට දැනුම් දී තිබේ.

සිද්ධිය සම්බන්ධව කල්පිටිය පොලිස් ස්ථානාධිපති එම්.අයි.බී.එස්. නිශාන්ත කුමාර, අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උදය කුමාර මහත්වරුන් ඇතුළු නිලධාරීහු විමර්ශන කටයුතු සිදු කරති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු රෝගය ගැන දැනගත යුතුම කරුණු මෙන්න - කම්පන තත්ත්වයට යන්න පුළුවන්
14:59
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් කටාර් තානාපති කාර්යාලයට ගිය නි.ඇමති
01:56
Video thumbnail
මීගමු බන්ධනාගාර භූමියෙන් උණ්ඩ කොපු 271ක් හමුවෙයි..පසුදා වනතුරු බලය තිබුණේ රැඳවියන් සතුව - CID
05:33
Video thumbnail
කඩුවෙල බස්නැවතුම්පළ ඉදිරිපිට කාණුවේ මදුරු කීටයෝ පිරිලා - අවුරුදු ගාණක් තිස්සේ වතුර බහින්නේ නෑ
02:03
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
02:40
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
00:47
Video thumbnail
පාරම්පරික හෙළ වෛද්‍යවරුන් කොළඹ වටලයි
02:12
Video thumbnail
කොහොමද දිලිත්ගේ කාන්තා බලය
01:35
Video thumbnail
එන්න එන්නම දරුණු වෙන ඩෙංගුව ගැන විශේෂ හෙළිදරව්වක්
06:44