AFC Banner
Empty Ad
Empty Ad

ගෑස් නැව් 2ක් දිවයිනට

ලිට්රෝ ගෑස් සහිත තවත් නෞකාවක් ලබන සතියේදී දිවයිනට ළඟා වීමට නියමිතව තිබෙනවා.

එසේම ජනවාරි මස 10 වන දින පමණ වන විට ලාෆ් ගෑස් සහිත නෞකාවක් ද දිවයිනට ලඟා වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මේ වන විට මෙරටට පැමිණි ගෑස් නෞකා 3 ක් නියමිත ප්‍රමිතීන්ට අනුකූල වීම හේතුවෙන් මුදා හැරීමට කටයුතු කර ඇති අතර ලිට්රෝ ගෑස් නෞකා 2ක් සහ ලාෆ් ගෑස් නෞකාවක් ඒ අතර වනවා.

තාක්ෂණ අමාත්‍යංශයේ ලේකම් ජයන්ත ද සිල්වා ප්‍රකාශ කළේ මෙම මස අවසන් වන තුරු මෙරටට අවශ්‍ය ගෑස් ඒ අනුව පවතින බවයි.

එසේම අවශ්‍ය තරම් ගෑස් ලබා දීමේ අරමුණින් නුවර එළිය ප්‍රදේශයට ප්‍රමාණවත් ගෑස් තොග සැපයීමටද කටයුතු කර තිබෙනවා.

ඒ උත්සව සමයේ එම ප්‍රදේශයේ පවතින දැඩි ඉල්ලුම සැලකිල්ලට ගනිමින්.

මේ අතර, ප්‍රදේශ කිහිපයකම ජනතාව භූමිතෙල් නොමැතිවීමෙන් අසීරුතාවට පත් වූ අවස්ථා ඊයේ (24) දිනයේ වාර්තා වුණා.

ඒ අනුව භූමිතෙල් ලබා ගැනීම සඳහා ඉන්ධන පිරවුම්හල් වෙත පැමිණි ජනතාව ද දැඩි දුෂ්කරතාවයකට මුහුණ දුන්නේ දිගු පෝලිම් හේතුවෙන්.මේ අතර කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක පැවසුවේ සහනාධාර ලබාදීමකින් තොරව භාණ්ඩ මිල ඉහළ නැංවීම තුළින් භාවිතය අවම කිරීමට හැකියාව පවතින බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?