ගෑස් නැව් 2ක් දිවයිනට

ලිට්රෝ ගෑස් සහිත තවත් නෞකාවක් ලබන සතියේදී දිවයිනට ළඟා වීමට නියමිතව තිබෙනවා.

එසේම ජනවාරි මස 10 වන දින පමණ වන විට ලාෆ් ගෑස් සහිත නෞකාවක් ද දිවයිනට ලඟා වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මේ වන විට මෙරටට පැමිණි ගෑස් නෞකා 3 ක් නියමිත ප්‍රමිතීන්ට අනුකූල වීම හේතුවෙන් මුදා හැරීමට කටයුතු කර ඇති අතර ලිට්රෝ ගෑස් නෞකා 2ක් සහ ලාෆ් ගෑස් නෞකාවක් ඒ අතර වනවා.

තාක්ෂණ අමාත්‍යංශයේ ලේකම් ජයන්ත ද සිල්වා ප්‍රකාශ කළේ මෙම මස අවසන් වන තුරු මෙරටට අවශ්‍ය ගෑස් ඒ අනුව පවතින බවයි.

එසේම අවශ්‍ය තරම් ගෑස් ලබා දීමේ අරමුණින් නුවර එළිය ප්‍රදේශයට ප්‍රමාණවත් ගෑස් තොග සැපයීමටද කටයුතු කර තිබෙනවා.

ඒ උත්සව සමයේ එම ප්‍රදේශයේ පවතින දැඩි ඉල්ලුම සැලකිල්ලට ගනිමින්.

මේ අතර, ප්‍රදේශ කිහිපයකම ජනතාව භූමිතෙල් නොමැතිවීමෙන් අසීරුතාවට පත් වූ අවස්ථා ඊයේ (24) දිනයේ වාර්තා වුණා.

ඒ අනුව භූමිතෙල් ලබා ගැනීම සඳහා ඉන්ධන පිරවුම්හල් වෙත පැමිණි ජනතාව ද දැඩි දුෂ්කරතාවයකට මුහුණ දුන්නේ දිගු පෝලිම් හේතුවෙන්.මේ අතර කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක පැවසුවේ සහනාධාර ලබාදීමකින් තොරව භාණ්ඩ මිල ඉහළ නැංවීම තුළින් භාවිතය අවම කිරීමට හැකියාව පවතින බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇල්ලු ආයුධ ගැන ජනපති හැමෝම ඉස්සරහා කියයි - මොකක්ද ඔබේ යුනිෆෝම් එකේ ඇති වගකීම ?
02:17
Video thumbnail
බණ්ඩාරවෙල මහනගර සභාවෙන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක්..කට්ටිය හිනා වෙවී වැඩ
01:31
Video thumbnail
මාස 06 කාලය තුල ඇල්ලු මත්ද්‍රව්‍ය ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්..ආගමික ස්ථාන දක්වා ව්‍යසනය පැතිරිලා
03:55
Video thumbnail
ඩොලරයේ අර්බුදයට ජනපතිගෙන් පිළිතුරු.."තියෙන තෙරපුව කෙටි කාලයක් පාලනය කර ගත යුතුයි"
02:31
Video thumbnail
රණවිරු ස්මාරකයේ ඇත්තටම වුණ දේ විමල් රටටම හෙළිකරයි
20:06
Video thumbnail
මඩකලපුවේ පානීය ජල ගැටලුවටත් ජනපතිගෙන් විසඳුම්..ගැටලු රැසකට ඉදිරි අයවැයේ අවධානය
02:03
Video thumbnail
තහඩුවක් ගියත් ලක්ෂ 5ක් දෙනවා කිව්වා, සත පහක් දුන්නේ නෑ
08:12
Video thumbnail
මෙච්චර දවස් රාජපක්ෂ නිකායේ ඒත් අද මම නිකාය මාරු කළා..අනුර ජනපතිට උපරිම සහය
03:14
Video thumbnail
ජීවන්ත පීරිස් පියතුමාගේ ප්‍රකාශය කතෝලික සභාව තරයේ හෙළාදකී..යුද්දයක් ඇවිලෙන්නට මේ ප්‍රකාශ හේතු වෙනවා
07:01
Video thumbnail
රෝහිණි අදත් ආණ්ඩුව සැරටම අමතයි
04:49