ගෑස් අවසන් වීම නිසා දේහයක් බාගෙට පුච්චලා (ඡායාරූප)

දේහයක් ආදාහනය කරමින් සිටිය දී ගෑස් අවසන්වීම නිසා දේහය රැගෙන පැමිණි ඥාතීන් ආදාහනාගාරය තුළ නොසන්සුන්කාරි ලෙස හැසිරුනු පුවතක් කොටගල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

කොටගල ප්‍රදේශයේ මියගිය පුද්ගලයෙකුගේ දේහයක් කොටගල ප්‍රාදේශිය සභාව යටතේ පාලනය වන කොටගල ආදාහනාගාරය වෙත අද (13) පස්වරුවේ රැගෙන පැමිණ ඇත්තේ ආදාහනය කිරීම සඳහායි.

ඒ, සදහා කොටගල ප්‍රාදේශිය සභාවට රුපියල් 24,850ක ගාස්තුවක් ද ඥාතින් විසින් ගෙවා ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී දේහය ආදාහනය කරමින් තිබෙන අතරතුර එක්වරම ගෑස් අවසන් වීම නිසා ආදාහනාගාරය භාරව සිටි කම්කරුවා ඥාතීන් හමුවේ පවසා ඇත්තේ දේහය සම්පූර්ණයෙන්ම ආදාහනය කිරීමට ගෑස් නොමැති බවත්, ගෑස් සිලින්ඩරයක් රැගෙන එනතෙක් ආදාහනාගාරයේ රැඳී සිටින ලෙසයි.

ඒ අනුව පැය දෙකකට ආසන්න කාලයකට පසු ප්‍රාදේශිය සභාවේ ලොරි රථයකින් ගෑස් සිලින්ඩර් දෙකක් රැගෙනවිත් සිරුර ආදාහනය කිරීමට ආදාහනාගාරය භාර කම්කරුවන් කටයුතු කර තිබෙනවා.

ගෑස් සිල්න්ඩර් රැගත් ලොරි රථය ආදාහනාගාරය වෙත ළඟාවන අවස්ථාවේ දී දේහය රැගෙන පැමිණි ඥාතීන් සහ ලොරි රථයේ රියදුරා අතර බහින් බස්වීමක් ද සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?