ගෑස් අවසන් වීම නිසා දේහයක් බාගෙට පුච්චලා (ඡායාරූප)

දේහයක් ආදාහනය කරමින් සිටිය දී ගෑස් අවසන්වීම නිසා දේහය රැගෙන පැමිණි ඥාතීන් ආදාහනාගාරය තුළ නොසන්සුන්කාරි ලෙස හැසිරුනු පුවතක් කොටගල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

කොටගල ප්‍රදේශයේ මියගිය පුද්ගලයෙකුගේ දේහයක් කොටගල ප්‍රාදේශිය සභාව යටතේ පාලනය වන කොටගල ආදාහනාගාරය වෙත අද (13) පස්වරුවේ රැගෙන පැමිණ ඇත්තේ ආදාහනය කිරීම සඳහායි.

ඒ, සදහා කොටගල ප්‍රාදේශිය සභාවට රුපියල් 24,850ක ගාස්තුවක් ද ඥාතින් විසින් ගෙවා ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී දේහය ආදාහනය කරමින් තිබෙන අතරතුර එක්වරම ගෑස් අවසන් වීම නිසා ආදාහනාගාරය භාරව සිටි කම්කරුවා ඥාතීන් හමුවේ පවසා ඇත්තේ දේහය සම්පූර්ණයෙන්ම ආදාහනය කිරීමට ගෑස් නොමැති බවත්, ගෑස් සිලින්ඩරයක් රැගෙන එනතෙක් ආදාහනාගාරයේ රැඳී සිටින ලෙසයි.

ඒ අනුව පැය දෙකකට ආසන්න කාලයකට පසු ප්‍රාදේශිය සභාවේ ලොරි රථයකින් ගෑස් සිලින්ඩර් දෙකක් රැගෙනවිත් සිරුර ආදාහනය කිරීමට ආදාහනාගාරය භාර කම්කරුවන් කටයුතු කර තිබෙනවා.

ගෑස් සිල්න්ඩර් රැගත් ලොරි රථය ආදාහනාගාරය වෙත ළඟාවන අවස්ථාවේ දී දේහය රැගෙන පැමිණි ඥාතීන් සහ ලොරි රථයේ රියදුරා අතර බහින් බස්වීමක් ද සිදුව ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:26
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අගමැතිතුමියත් අවසන් ගෞරව දක්වයි
01:04
Video thumbnail
ගලබොඩ අත්තේ හිමිගේ පන්සලේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා ජීවිතය අ#සන් කරගනී
00:57
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:30
Video thumbnail
වියානා ඇළේ නාන්න ගිය පුංචි දරුවෙක් අතුරුදන්
00:51
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.20
08:39:27
Video thumbnail
කොස්ගොඩ සුජීගේ කෝටි 3ක් වටිනා දේපළ තහනම් කරයි
02:11
Video thumbnail
සංවර්ධන නිලධාරි සේවා ව්‍යවස්ථාව බාලගිරි දෝෂය වගේ - සොච්චම් වැටුපකට වැඩ කරන්නේ
07:59
Video thumbnail
අනේ දෙයියනේ රටට වෙච්ච දෙයක්.. මේ හාමුදුරුවෝ දානෙට ගෙදරට වඩම්මන විදිහ.. කොහොමද තාලේ..
00:41
Video thumbnail
විජයදාස කියන්නේ දේශ ද්‍රෝහියෙක් ? - වෙන රටවලට වැඩ කරනවා - මෙන්න කට්ටිය යන Trip
12:01