ගැබිණි බිරිඳ සැමියා විසින් ඝාතනය කර වළදාලා – සැමියාගෙන්ම පොලිසියට පැමිණිල්ලක්

සිය ගැබිණි බිරිඳව ඝාතනය කිරීමේ චෝදනාවට ඉන්දියාවේ – ගංගොන්ඩනහල්ලි, චන්නගිරි නගරයේ හි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහාන් කුමාර් නැමැති 27 හැවිරිදි මෙම පුද්ගලයා පසුගිය බ්‍රහස්පතින්දා අත්අඩංගුවට ගෙන ඇත්තේ රශ්මි නැමැති සිය බිරිඳ ඝාතනය කළ වළ දැමීමේ චෝදනාව මතයි.

සිය බිරිඳට අනියම් සම්බන්ධයක් ඇති බවට ඇති වූ සැකයක් මත අපරාධකරු විසින් මෙම ඝාතනය සිදුකර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිසිය සඳහන් කළේ මොහු ඉතා සැලසුම් සහගතව මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

මොහු සිය බිරිඳව ඝාතනය කිරීමට පෙර, ඇය ඝාතනය කිරීමෙන් පසු වළ දැමීම සඳහා මීට දින කිහිපයකට පෙර වනාන්තරයේ හුදෙකලා ස්ථානයක් හඳුනාගෙන කල්තියා වළක් කපා ඇති බවට අනාවරණය වී තිබෙනවා.

පසුගිය වසරේ මොවුන් දෙදෙනා විවාහ වී ඇති අතර, සැමියා විසින් සිය බිරිඳව ඝාතනය කරන අවස්ථාවේ ඇය මාස 07ක ගැබිණියක් බව සඳහන්.

විවාහ වී ටික කලකට පසු දෙදෙනා අතර නිරන්තර ආරවුල් හටගෙන ඇත්තේ සිය බිරිඳට වෙනත් සම්බන්ධයක් ඇති බවට මොහාන් විසින් සැකකිරීම හේතුවෙන්.

මෙලෙස දෙදෙනා අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් රශ්මි සිය මව්පියන්ගේ නිවසවෙත ගොස් ඇති අතර, නැවත සිය සැමියා වන මොහාන්ගේ නිවසට පැමිණ ඇත්තේ තමන්ට වරින් වර සිදුවන හිරිහැර සම්බන්ධයෙන් පොලිසියේ පැමිණිල්ලක් ද සිදුකරමින්.

ඇය නැවත නිවසට පැමිණි පසු මොහාන් ඇයව ඝාතය කිරීමට සැලසුම් සකස්කර ඇති අතර, ඇය නිදා සිටියදී කොට්ටයකින් හුස්ම හිරකර මෙම ඝාතනය සිදුකර ඇති බවයි විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.

පසුව සැකකාර සැමියා ඝතයනට ලක්වූ සිය ගැබ්බර බිරිඳගේ මෘත ශරීරය මෝටර් රථයේ දමාගෙන හුනාඝාතා වනාන්තර ප්‍රදේශයට රැගෙන ගොස් වළදමා ඇති බවයි වාර්තා වන්නේ.

ඇයගේ සිරුර වළදමා දිනකට පසු සිය බිරිඳ අතුරුදහන් වූ බවට සැකකරු විසින් පැමිණිල්ලක් ගොනු කර ඇති අතර, එහිදී ඔහු පවසා ඇත්තේ ඇය පෙම්වතා සමඟ පැන ගිය බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් සැක සිතූ පොලිසිය සිදුකළ විමර්ශනවලදී මොහාන් විසින් සිය බිරිඳව ඝාතනය කර ඇති බවට අනාවරණය කරගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලව්වට ආ නාමල්ට මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය - නාමල් දැක්ක ගමන් මිනිස්සු වදියි
01:12
Video thumbnail
88 අමතක කරලා..අනේ රණවිරුවත් පිළිගන්න - පොලිසිය, හමුදාව එක්ක ආණ්ඩුවට ලොකු ඇරියස් එකක් තියෙනවා
03:01
Video thumbnail
කළුතරම සලිත කරමින් හමුවූ නාඳුනන නිසල සිරුර
00:26
Video thumbnail
මඩකලපුව නගරයේ බැංකුවක හදිසියේම හටගත් විශාල ගින්න
01:32
Video thumbnail
මඩකලපුව නගරයේ බැංකුවක හදිසියේම හටගත් විශාල ගින්න..විදුලි කාන්දුවක් නිසා වෙච්ච විනාශයක්
02:14
Video thumbnail
කළුතරම සලිත කරමින් හමුවූ සිරුර..සිරුර පුරාම සීරීම් සහ තුවාල දක්නට ලැබේ
00:49
Video thumbnail
රට හදන්න පුළුවන්, දුක හඳුනන එකම නායකයා නාමල් - දැන් ඩබල් පොකට් ඩබල් හොරකමේ යන්නේ
04:56
Video thumbnail
ආණ්ඩුව වැටෙන්නේ නෑ..රටේ සාමාන්‍ය මිනිස්සු වැටිලා ඉන්නේ..බුදු වෙනවා කියලත් කියන්න බැරි නෑ
02:03
Video thumbnail
කොළඹ නගරයම විදුලි බුබුළු, පහන් කූඩුවලින් ආලෝකමත් වෙලා - සම්බුදු තෙමඟුලට සැරසුණු කොළඹ අසිරිය
03:35
Video thumbnail
නාමල් අලව්වෙ ගම්මු ඉස්සරහා ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි..ඊයේ පෙරේදා ආපු නැවේ ගල් අඟුරුත් බාලයි
09:24