ගැබ්බර මුව දෙනෙකට දිවි අහිමි කළ 05දෙනෙක් බඩුත් එක්කම මාට්ටු

විල්පත්තු ජාතික උද්‍යානයේ කුකුල්කටුව බීට්ටු කාර්යාලයේ වනජීවී නිලධාරීන් සිදුකළ මෙහෙයුමකදී ගැබිණි මුව දෙනක මරා මස් කිරීමට සූදානම් කරමින් සිටි පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහුන් සතුව තිබී බෝර 12 වර්ගයේ ගිණි අවියක් සහ තියුණු ආයුධ කිහිපයක්ද සොයා ගත් බව වාර්තාවනවා.

විල්පත්තු ජාතික උද්‍යානයේ රනෝරාව, මීගස්දිගිලිය කැලෑබද ප්‍රදේශයක දී සිදුකළ මුර සංචාරයක් අතරතුර දී මෙම වැටලීමකදී සිදු කළ බවයි වනජීවී නිලධාරීන් පවසා සිටියේ.

සැකකරුවන් අවුරුදු 31 සහ 53 වයස් සිමාවන් අතර පසුවන්නන් බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් එහි සිටි එක් සැකකරුවෙක් පළා ගොස් තිබෙනවා.

සැකකරුවන් සහ නඩු භාණ්ඩ ඊයේ (28) දින නොච්චියාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු එක් අයෙකුට රුපියල් එක ලක්ෂ පනස් දහස බැගින් වූ ශරීර ඇප මත මුදා හැරුණු අතර එම නඩුව ලබන සැප්තැම්බර් 18 වැනිදා යළි කැඳවීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?