ගැබ්බර මුව දෙනෙකට දිවි අහිමි කළ 05දෙනෙක් බඩුත් එක්කම මාට්ටු

විල්පත්තු ජාතික උද්‍යානයේ කුකුල්කටුව බීට්ටු කාර්යාලයේ වනජීවී නිලධාරීන් සිදුකළ මෙහෙයුමකදී ගැබිණි මුව දෙනක මරා මස් කිරීමට සූදානම් කරමින් සිටි පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහුන් සතුව තිබී බෝර 12 වර්ගයේ ගිණි අවියක් සහ තියුණු ආයුධ කිහිපයක්ද සොයා ගත් බව වාර්තාවනවා.

විල්පත්තු ජාතික උද්‍යානයේ රනෝරාව, මීගස්දිගිලිය කැලෑබද ප්‍රදේශයක දී සිදුකළ මුර සංචාරයක් අතරතුර දී මෙම වැටලීමකදී සිදු කළ බවයි වනජීවී නිලධාරීන් පවසා සිටියේ.

සැකකරුවන් අවුරුදු 31 සහ 53 වයස් සිමාවන් අතර පසුවන්නන් බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් එහි සිටි එක් සැකකරුවෙක් පළා ගොස් තිබෙනවා.

සැකකරුවන් සහ නඩු භාණ්ඩ ඊයේ (28) දින නොච්චියාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු එක් අයෙකුට රුපියල් එක ලක්ෂ පනස් දහස බැගින් වූ ශරීර ඇප මත මුදා හැරුණු අතර එම නඩුව ලබන සැප්තැම්බර් 18 වැනිදා යළි කැඳවීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න
00:36