ගැටුම් නිසා කන්දකාඩු කළමණාකාරීත්වය වෙනස් වෙයි (වීඩියෝ)

දිගින් දිගටම වැලිකන්ද – කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිදුවන ගැටුම් සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් එහි කළමනාකාරිත්වය වෙනස් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා.

දිවා ආහාරය සම්බන්ධ ගැටලුවක් මුල් කර ගනිමින් එම මධ්‍යස්ථානයේ ඊයේ පස්වරුවේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් අනතුරුව රැදවියන් 90 දෙනෙකු පලාගොස් තිබුණා.

පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් දර්ශන මේජර් ජෙනරාල් දර්ශන ‌හෙට්ටිආරච්චි මහතා පැවසුවේ මේ වන විට තත්ත්වය සම්පුර්ණයෙන්ම පාලනය කර ඇති බවයි.

පොළොන්නරුව වැලිකන්ද – කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැදවියන් දෙපිරිසක් අතර දිවා ආහාරය සම්බන්ධ ගැටලුවක් මුල් කර ගනිමින් ගැටුමක් ඇති වී තිබුණේ ඊයේ පස්වරුවේයි.

එම ගැටුමෙන් තුවාල ලැබූ රැඳවියන් 26 දෙනෙකු වැලිකන්ද මූලික රෝහලට ඇතුළත් කළ අතර බරපතළ තුවාල ලැබූ රැඳවියන් තිදෙනෙකු ඇතුළත් කෙරුණේ පොළොන්නරුව මහ රෝහලටයි.

මෙම ගැටුම සිදුවන අතර රැඳවියන් 90කට ආසන්න පිරිසක් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පලා ගොස් තිබුණා.

වහාම ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ විසින් ඔවුන්ගෙන් රැඳවියන් 26 දෙනෙකු අත්අඩංුගවට ගත් අතර තවත් රැඳවියන් 25 දෙනෙකු සොයා ඊයේ රාත්‍රියේ වැලිකන්ද කන්දකාඩු ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් සිදු කළා.

අද පෙරවරුවේ සුංගාවිල පෙරියආරු කැළෑබද ප්‍රදේශයක රැඳී සිටි රැඳවියන් පිරිසක් සිවිල් වැසියන්ගේ මැදිහත්වීමෙන් රැගෙන විත් පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත භාරදෙනු ලැබුවා.

මෙම ගැටුම සම්බන්ධයෙන් පුනරුත්තාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ තත්ත්වය මේ වන විට සම්පූර්ණයෙන් පාලනය කර ඇති බවයි.

එමෙන්ම පලාගිය අනෙක් රැඳවියන් සොයා සෝදිසි මෙ‌හෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

මේ අතර පසුගිය දෙසැම්බර් 11 වැනිදාද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් රැඳවියන් 140කට අධික පිරිසක් පලාගොස් සිටියදී ආරක්ෂක අංශ විසින් නැවත රැගෙන ඒමට කටයුතු කරනු ලැබුවා.

මේ අතර වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දිගින් දිගටම ගැටුම් ඇතිවීම හේතුවෙන් එහි කළමනාකාරිත්වය වෙනස් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ දසත නිව්ස් කළ විමසීමකදී සඳහන් කළා.

ඊට අමතරව මෙම ගැටුම සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීමට ද අමාත්‍යවරයා නියම කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34