ගැටුම් නිසා කන්දකාඩු කළමණාකාරීත්වය වෙනස් වෙයි (වීඩියෝ)

දිගින් දිගටම වැලිකන්ද – කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිදුවන ගැටුම් සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් එහි කළමනාකාරිත්වය වෙනස් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා.

දිවා ආහාරය සම්බන්ධ ගැටලුවක් මුල් කර ගනිමින් එම මධ්‍යස්ථානයේ ඊයේ පස්වරුවේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් අනතුරුව රැදවියන් 90 දෙනෙකු පලාගොස් තිබුණා.

පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් දර්ශන මේජර් ජෙනරාල් දර්ශන ‌හෙට්ටිආරච්චි මහතා පැවසුවේ මේ වන විට තත්ත්වය සම්පුර්ණයෙන්ම පාලනය කර ඇති බවයි.

පොළොන්නරුව වැලිකන්ද – කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැදවියන් දෙපිරිසක් අතර දිවා ආහාරය සම්බන්ධ ගැටලුවක් මුල් කර ගනිමින් ගැටුමක් ඇති වී තිබුණේ ඊයේ පස්වරුවේයි.

එම ගැටුමෙන් තුවාල ලැබූ රැඳවියන් 26 දෙනෙකු වැලිකන්ද මූලික රෝහලට ඇතුළත් කළ අතර බරපතළ තුවාල ලැබූ රැඳවියන් තිදෙනෙකු ඇතුළත් කෙරුණේ පොළොන්නරුව මහ රෝහලටයි.

මෙම ගැටුම සිදුවන අතර රැඳවියන් 90කට ආසන්න පිරිසක් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පලා ගොස් තිබුණා.

වහාම ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ විසින් ඔවුන්ගෙන් රැඳවියන් 26 දෙනෙකු අත්අඩංුගවට ගත් අතර තවත් රැඳවියන් 25 දෙනෙකු සොයා ඊයේ රාත්‍රියේ වැලිකන්ද කන්දකාඩු ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් සිදු කළා.

අද පෙරවරුවේ සුංගාවිල පෙරියආරු කැළෑබද ප්‍රදේශයක රැඳී සිටි රැඳවියන් පිරිසක් සිවිල් වැසියන්ගේ මැදිහත්වීමෙන් රැගෙන විත් පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත භාරදෙනු ලැබුවා.

මෙම ගැටුම සම්බන්ධයෙන් පුනරුත්තාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ තත්ත්වය මේ වන විට සම්පූර්ණයෙන් පාලනය කර ඇති බවයි.

එමෙන්ම පලාගිය අනෙක් රැඳවියන් සොයා සෝදිසි මෙ‌හෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

මේ අතර පසුගිය දෙසැම්බර් 11 වැනිදාද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් රැඳවියන් 140කට අධික පිරිසක් පලාගොස් සිටියදී ආරක්ෂක අංශ විසින් නැවත රැගෙන ඒමට කටයුතු කරනු ලැබුවා.

මේ අතර වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දිගින් දිගටම ගැටුම් ඇතිවීම හේතුවෙන් එහි කළමනාකාරිත්වය වෙනස් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ දසත නිව්ස් කළ විමසීමකදී සඳහන් කළා.

ඊට අමතරව මෙම ගැටුම සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීමට ද අමාත්‍යවරයා නියම කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?