ගැටබේ පාලම අසලින් කාන්තාවකගේ නිසල සිරුරක් හමුවේ

පේරාදෙනිය, ගන්නෝරුව ප්‍රදේශයේ මහවැලි ගංගාව හරහා ඇති ගැටබේ පාලම යට මහවැලි ගංගාවේ තිබී කාන්තා මළ සිරුරක් හමුව ඇති බවට වාර්තාවනවා.

ප්‍රදේශවාසීන් විසින් අද (17) එම මළ සිරුර දැක ඇති අතර ඔවුන් ඒ පිළිබඳව පේරාදෙණිය පොලිසිය දැනුවත් කර තිබෙනවා.

පොලිසිය විසින් මේ වන විට පරීක්ෂණ පවත්වමින් සිටින අතර එම කාන්තාවගේ අනන්‍යතාවය තහවුරු කර ගත බවයි පොලිසිය පවසන්නේ.

නිශ්ශංක මුදියන්සේලාගේ සුමනාවතී නම් දෙල්තොට ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි රජයේ සේවිකාවක් බව මේ වන විට අනාවරණය වී තිබෙනවා.

මහනුවර වැඩ බලන මහෙස්ත්‍රාත් මහින්ද ලියනගේ මහතා අද පෙරවරුවේ අදාළ ස්ථානයට ගොස් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකර ඇති අතර මෙම මරණය ඝාතනයක්ද සියදිවි නසා ගැනීමක්ද යන්න පිළිබඳව පේරාදෙණිය පොලීසිය පරීක්ෂණ පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
10
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?