ගාසා තීරය ආසන්නයේ රැඳී සිටින හමුදාවට ඊශ්‍රායල අගමැතිගෙන් දැනුම්දීමක්

පසුගිය පැය 24 තුළ පමණක් ඊශ්‍රායල විසින් ගාසා තීරයට එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරවලින් පලස්තීනුවන් 400කට වැඩි සංඛ්‍යාවක් මියගොස් ඇති බව පලස්තීන Wafa ප්‍රවෘත්ති ඒජන්සිය පවසනවා.

තවත් 1500කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ගාසා නගරයේ මරණ 260ක්, මධ්‍යම ගාසා තීරයේ ඩීර් අල්-බාලාහි මරණ 80ක් සහ උතුරු ජබාලියා සරණාගත කඳවුරේ මරණ 40ක් මෙයට ඇතුළත්.

ඊට අමතරව බෙයිට් ලහියා නගරයේ දී තවත් පලස්තීන ජාතිකයන් 10 දෙනෙකු ද, දකුණු ඛාන් යුනිස් හි දී 20 දෙනෙකු ද මිය ගිය බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.

මේ අතර උතුරු ගාසා තීරයේ සිට පලස්තීනුවන් පිටත්ව යද්දී, කාන්තාවන් සහ කුඩා ළමුන් ඔවුන්ගේ වාහනවල ගැටීමෙන් මියගිය ගොස් ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරනවා.

අත්‍යාවශ්‍ය වෛද්‍ය සැපයුම් සහ ජනක යන්ත්‍ර සඳහා අවශ්‍ය ඉන්ධන නොමැතිකම හේතුවෙන් ගසා තිරයේ රෝහල්වල තත්ත්වය පිරිහෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව වෛද්‍ය කාර්ය මණ්ඩලයට රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ හැකියාව හීන වෙමින් පවතින බව සඳහන්.

එමෙන්ම ගාසා තීරයේ සිදුවෙමින් පවතින දෙයට මැදිහත් වන ලෙස වෛද්‍ය කණ්ඩායම් ජාත්‍යන්තර ක්‍රියාකාරීන්ගෙන් ඉල්ලා සිටින අතර, ගාසා තීරයේ වෛද්‍ය කණ්ඩායම් මානුෂීය කොරිඩෝවක් ඉල්ලා සිටිනවා.

මේ අතර පලස්තීනුවන් වෙනුවෙන් පිහිටුවා ඇති ආරක්ෂිත නවාතැන් තවදුරටත් ආරක්ෂිත නොවන බවත් මිලියන 02 කට වැඩි පලස්තීන ජනතාවට ජලය ලබාගැනීම ගැටළුවක් වී ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

ඊයේ රාත්‍රියේත් ඊශ්‍රායලය විසින් දිගින් දිගටම ගසා තීරයට බෝම්බ ප්‍රහාර එල්ල කර ඇති බවයි වාර්තා වුණේ.

එමෙන්ම ඉතාමත් ඉක්මණින් ඊශ්‍රායල හමුදාව ගොඩබිමින් ගාසා තීරය ආක්‍රමණය කරනු ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මීළඟ මෙහෙයුම ඉතාමත් ඉක්මණින් ආරම්භවන බවට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ගාසා තීරය ආසන්නයේ රැඳී සිටින හමුදාවට දැනුම් දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
12
+1
1
+1
7
+1
6
+1
16
+1
3
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජිතගෙන් ආණ්ඩුවට උපදෙස්..අද කොහෙද නිදහස් සෞඛ්‍යයක් තියෙන්නේ..අපේ කාලේ 100%ක් තිබුණා
07:56
Video thumbnail
දිට්වා නිසා සහල්වලට වෙන්න යන දේ මෙන්න..මහ කන්නය අවසානයේදී වී අස්වැන්නේ අඩුවක්
07:59
Video thumbnail
වැලිගම සභාපති ධුරයේ ඡන්ද විමසුම දින නොමැතිව කල් යයි..
03:31
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53
Video thumbnail
කෙහෙළිය වගේම නලින්දත් හිරෙට යන්න ඕනේ..සාධාරණ පරීක්‍ෂණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලලා CIDයට පැමිණිල්ලක්.
05:25
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ.. අපිලාගේ සාදු ලෙසටම දෙසයි
04:52
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්
00:27
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්.. ආරක්ෂක අංශ හදිසි සෝදිසියක්
01:57
Video thumbnail
3 හැවිරිදි දියණියෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
01:06
Video thumbnail
නීතිය දන්නේ නැත්තම් ගෙදරට වෙලා ඉන්න - පිස්සෙක් වගේ කෑගහන්න එපා
02:39


?