ගාසා තීරයේ සාමය සඳහා වූ ගිවිසුමේ ආරම්භක අදියර ශ්‍රී ලංකාව පිළිගෙන තිබෙනවා.
එමෙන්ම කලාපයේ පුළුල් හා කල් පවතින සාමය සහ ස්ථාවරත්වය සඳහා වන තීරණාත්මක අවශ්‍යතාවය අවධාරණය කරනවා.
අතීතයේ ගැටුම් හේතුවෙන් ඇති වූ ගැඹුරු දුක් වේදනා සහ විනාශයන් අත්විඳ ඇති ශ්‍රී ලංකාව, සාමයේ වැදගත්කම සහ සැබෑ වටිනාකම ගැඹුරින් වටහාගෙන ඇති බවත්, මෙම ගිවිසුම ගාසා තීරයේ දිගුකාලීන සාමය සඳහා මග පාදනු ඇතැයි බලාපොරොත්තුව ප්‍රකාශ කරන බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ.
එමෙන්ම එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුත් සහ කටාර්, ඊජිප්තුව සහ තුර්කියේ මැදිහත්වීමෙන් ගිවිසුමට එළඹීම සඳහා ගත් සැලකිය යුතු උත්සාහයන් ද ශ්‍රී ලංකාව අගය කර තිබෙනවා.
පලස්තීන ජනතාවගේ රාජ්‍යත්වයට ඇති අයිතියට සහයෝගය දැක්වීම නැවත අවධාරණය කරමින්, 1967 දේශසීමා මත පදනම් වූ ද්වි-රාජ්‍ය විසඳුමක් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ යෝජනා ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම අවධාරණය කරමින්, කල් පවතින සාමයක් අත්කර ගැනීම සඳහා ඵලදායී සංවාදයක නිරත වන ලෙස ශ්‍රී ලංකාව දෙපාර්ශවයෙන් ඉල්ලා සිටිනවා.





