ගාසා තීරයේ සාමය සඳහා වූ ගිවිසුමේ ආරම්භක අදියර ශ්‍රී ලංකාව පිළිගනී

ගාසා තීරයේ සාමය සඳහා වූ ගිවිසුමේ ආරම්භක අදියර ශ්‍රී ලංකාව පිළිගෙන තිබෙනවා.
එමෙන්ම කලාපයේ පුළුල් හා කල් පවතින සාමය සහ ස්ථාවරත්වය සඳහා වන තීරණාත්මක අවශ්‍යතාවය අවධාරණය කරනවා.

අතීතයේ ගැටුම් හේතුවෙන් ඇති වූ ගැඹුරු දුක් වේදනා සහ විනාශයන් අත්විඳ ඇති ශ්‍රී ලංකාව, සාමයේ වැදගත්කම සහ සැබෑ වටිනාකම ගැඹුරින් වටහාගෙන ඇති බවත්, මෙම ගිවිසුම ගාසා තීරයේ දිගුකාලීන සාමය සඳහා මග පාදනු ඇතැයි බලාපොරොත්තුව ප්‍රකාශ කරන බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ.

එමෙන්ම එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුත් සහ කටාර්, ඊජිප්තුව සහ තුර්කියේ මැදිහත්වීමෙන් ගිවිසුමට එළඹීම සඳහා ගත් සැලකිය යුතු උත්සාහයන් ද ශ්‍රී ලංකාව අගය කර තිබෙනවා.

පලස්තීන ජනතාවගේ රාජ්‍යත්වයට ඇති අයිතියට සහයෝගය දැක්වීම නැවත අවධාරණය කරමින්, 1967 දේශසීමා මත පදනම් වූ ද්වි-රාජ්‍ය විසඳුමක් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ යෝජනා ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම අවධාරණය කරමින්, කල් පවතින සාමයක් අත්කර ගැනීම සඳහා ඵලදායී සංවාදයක නිරත වන ලෙස ශ්‍රී ලංකාව දෙපාර්ශවයෙන් ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39