ගාසා තීරයේ සටන් විරාමය ඇරඹීම අඩාලවීම ගැන ඇමරිකාවට චෝදනාවක්

පලස්තීන – ඊශ්‍රායල ගැටලුව සම්බන්ධයෙන් විශේෂ රැස්වීමක් පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඊයේ (25) පියවරගෙන තිබුණා.

එහිදී අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ චීනයේ නිත්‍ය නියෝජිත ෆූ කොං පැවසුවේ ඇමරිකාවේ තනි නිෂේධ බලය හේතුවෙන් ගාසා තීරයේ කඩිනම් සටන් විරාමයක් ඇරඹීම වෙනුවෙන් පසුගිය 20 වැනිදා ආරක්ෂක මණ්ඩලය ගත් උත්සාහය, අඩාල වූ බවයි.

ඉන්පසු දිනවලදී ගාසා තීරයේ ගැටුම්වලින් තවත් සිවිල් වැසියන් සියයකට වඩා වැඩි පිරිසක් මිය ගිය බවත්, දිනෙන් දින තත්ත්වය අවදානම් කලාපයකට හැරෙමින් පවතින බවත් චීනයේ නිත්‍ය නියෝජිතවරයා එහිදී පෙන්වා දුන්නා.

එමෙන්ම ඔහු එහිදී අවධාරණය කර සිටියේ කොන්දේසි විරහිත සහ කල්පවත්නා කඩිනම් සටන් විරාමයක් ඇරඹීම සහ මානුෂීය ප්‍රවේශයට ඇති බාධා ඉවත් කිරීම ඉතා වැදගත් බවයි.

තවද, ගාසා තීරය වෙත ආධාර ප්‍රවේශයට ඇති සියලු සීමාවන් ඊශ්‍රායලය වහාම ඉවත් කළ යුතු බවත්, ආසන්න පෙරදිග පලස්තීන සරණාගතයින් සඳහාවන එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ ඒජන්සිය ඉලක්ක කරගත් පනත් කෙටුම්පත් ඉවත් කළ යුතු බවත් චීන නියෝජිතයා වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්ම මැදපෙරදිග තත්ත්වය තවදුරටත් උග්‍ර වෙමින් පවතින බවත්, ලෙබනනය, සිරියාව, ඉරානය සහ අනෙකුත් රටවලට එරෙහි ආක්‍රමණ සහ ප්‍රකෝප කිරීමේ හැසිරීම් ඊශ්‍රායලය වහාම නතර කළ යුතු බවත් ෆූ කොං එහිදී ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07