ගාසා තීරයේ ජනගහණයෙන් අඩක් දැඩි කුසගින්නක

ගාසා තීරයේ ජනගහනයෙන් අඩක් දැඩි කුසගින්නෙන් පෙළෙන බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් අනතුරු අඟවා තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ නියෝජ්‍ය අධ්‍යක්ෂ කාල් ස්කවු පැවසුවේ අවශ්‍ය සැපයුම්වලින් කොටසක් පමණක් ගාසා තීරයට ඇතුළු වීමට හැකි වී ඇති අතර පුද්ගලයින් 10 දෙනෙකුගෙන් නව දෙනෙකුට ම දිනපතා ආහාර ගත නොහැකි බවයි.

ගාසා තීරයේ පවතින කොන්දේසි හමුවේ බෙදාහැරීම් කළ නොහැකි තත්වයකට පත්ව ඇති බව ද ඔහු සඳහන් කර තිබෙනවා.

ඊශ්‍රායලය පවසන්නේ හමාස් සංවිධානය මුලිනුපුටා දැමීමට සහ ප්‍රාණ ඇපකරුවන් රැගෙන ඒම සඳහා ගාසා තීරයට ගුවන් ප්‍රහාර එල්ල කළ යුතු බවයි.

හමාස් සටන්කාමීන් ඔක්‌තෝබර් 7 වනදා ඊශ්‍රායලයට සිදු කළ ප්‍රහාරයෙන් පසු ගාසා තීරයට ඇතුළුවීම සහ ඉන් පිටතට ගමන් කිරීම දැඩි ලෙස සීමා කර තිබෙනවා.

ඊට ප්‍රතිචාර වශයෙන්, ඊශ්‍රායලය ගාසා තීරය සමඟ සිය දේශසීමා වසා දමා භූමියට ගුවන් ප්‍රහාර දියත් කිරීමට පටන් ගත් අතර, ගාසා වැසියන් දැඩි ලෙස විශ්වාසය තැබූ ආධාර බෙදා හැරීම ද සීමා කරනු ලැබුවා.

හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ඊශ්‍රායලය සිය පළිගැනීමේ ව්‍යාපාරයේ දී ගාසා වැසියන් 17,700 කට වැඩි ප්‍රමාණයක් මරා දමා ඇති අතර ඊට ළමුන් 7,000 කට වැඩි සංඛ්‍යාවක් ද ඇතුළත් බවයි.

සීමිත ආධාර ප්‍රමාණයකට ගාසා තීරය වෙත ළඟා වීමට ඉඩ සලසමින් ඊජිප්තුවට මායිම්ව පිහිටි රෆා හරස් මාර්ගය පමණක් තවදුරටත් විවෘතව පවතිනවා.

අඛණ්ඩව එල්ලවූ ජාත්‍යන්තර පීඩනය හමුවේ පසුගිය මාසයේ දින හතක තාවකාලික සටන් විරාමයක් හේතුවෙන් ගාසා තීරයට දැඩි ලෙස අවශ්‍ය වූ ආධාර කිහිපයක් ලබා දී තිබුණා. නමුත් ලෝක ආහාර වැඩසටහන අවධාරණය කරන්නේ ඉල්ලුම සපුරාලීම සඳහා තවත් ආධාර තොගයක් දැන් අවශ්‍ය බවයි.

සමහර ප්‍රදේශවල සෑම පවුල් 10කින් 9ක්ම සම්පූර්ණ දිනයක් කිසිදු ආහාරයක් නොමැතිව ගත කරන බව සඳහන්.

පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස්, එක්සත් ජනපදය යුධ අපරාධවලට හවුල් වන බවට චෝදනා කරනවා.

ආරක්ෂක කවුන්සිලයේ සාමාජිකයින් 15 දෙනාගෙන් රටවල් 13ක් සටන් විරාමයක් ඉල්ලා ඇති යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළා. එක්සත් රාජධානිය ඡන්දය දීමෙන් වැළකී සිටි අතර යෝජනාවට විරුද්ධව ඡන්දය දුන් එකම රට එක්සත් ජනපදය පමණයි.

පලස්තීන නායක අබ්බාස් මහතා පැවසුවේ, ඊශ්‍රායල හමුදාවන් අතින් ගාසා තීරයේ ළමුන්, කාන්තාවන් සහ වැඩිහිටියන්ගේ ලේ වැගිරීම්වලට වොෂින්ටනය වගකිව යුතු බවයි.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කළේ එක්සත් ජනපදය ආරක්ෂක මණ්ඩලයේදී ගත් නිවැරදි ස්ථාවරය අගය කරන බවයි.

දින හතක තාවකාලික සටන් විරාමයක් සතියකට පමණ පෙර අවසන් විය. සටන් විරාමය යටතේ ඊශ්‍රායල සිරගෙවල්වල රඳවා සිටි පලස්තීන සිරකරුවන් 180ක් වෙනුවට හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවන් 78 දෙනෙකු නිදහස් කරනු ලැබුවා.

තවමත් ගාසා තීරයේ හමාස් සංවිධානයේ ප්‍රාණ ඇපකරුවන් 100කට වැඩි පිරිසක් සිටි න බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22