ගාසා තීරයට දැවැන්ත ප්‍රහාරයක්, 330ක් මරුට – මරණ ගණන ඉහළ යා හැකි බවට වාර්තා

ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ඊයේ (17) රාත්‍රියේ එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 330 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වනවා.

සටන් විරාමය දීර්ඝ කිරීම සඳහා වූ සාකච්ඡා එකඟතාවකට පැමිණීමට නොහැකි වීමෙන් පසු ඊශ්‍රායල හමුදාව මෙම දැවැන්ත ප්‍රහාර ගාසා තීරයට එල්ල කරනු ලැබුවා.

ප්‍රහාරවලින් විනාශ වූ ගොඩනැගිලිවල සුන්බුන් යට වී තවත් බොහෝ දෙනෙක් සිටින බැවින් මරණ සංඛ්‍යාව ඉහළ යනු ඇති බවයි වර්තා වන්නේ.

සටන් විරාමය ක්‍රියාත්මක වූ ජනවාරි 19 වන දිනෙන් පසු එල්ල වූ විශාලතම ගුවන් ප්‍රහාර රැල්ල මෙය බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

සටන් විරාමය දීර්ඝ කිරීම සඳහා වූ සාකච්ඡාවල ප්‍රගතියක් නොමැතිවීම හේතුවෙන් තමන් මෙලෙස ප්‍රහාර එල්ල කිරීමට නියෝග කළ බවයි ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසන්නේ.

මේ අතර ඊශ්‍රායල ආරක්ෂක හමුදා නව ඉවත් කිරීමේ නියෝග නිකුත් කර ඇති අතර, ප්‍රහාර තවදුරටත් ඉදිරියට සිදුකරන බවයි ඊශ්‍රායල සඳහන් කළේ.

ඒ, අනුව ගාසා තීරයේ බෙයිට් හනූන්, කුසා’ආ, අබාසන් අල්-කබිරා සහ අල්-ජඩිඩා යන ප්‍රදේශවලින් ජනතාවට ඉවත් වන ලෙස දැනුම් දී තිබෙනවා.

ඔවුන් බටහිර ගාසා නගරයේ සහ ඛාන් යුනිස් හි නවාතැන් වෙත වහාම යා යුතු බවයි ඊශ්‍රායල ආරක්ෂක හමුදා නියෝග කර ඇත්තේ.

මේ අතර ඊශ්‍රායල අගමැති කාර්යාලය පැවසුවේ හමාස් සංවිධානය ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම ප්‍රතික්ෂේප කිරීම සහ එක්සත් ජනපදයෙන් සහ මැදිහත්කරුවන්ගෙන් ලැබුණු යෝජනා ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව, ඔවුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඊශ්‍රායල ආරක්ෂක හමුදා වෙත උපදෙස් දී ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිරිත්, සිංදුවලින් කළුතර න.සභාවේ දී විපක්ෂේ මන්ත්‍රී වටේටම හොඳවැයින් අමතයි
03:43
Video thumbnail
මුජිබුර් පාර්ලිමේන්තුවේ ලෙසටම ෆයර්වෙයි.."කළුගගේ පීනුවා වගේ මුහුදේ පීනන්න බෑ.."
11:13
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13


?