ගාසා තීරයට දැවැන්ත ප්‍රහාරයක්, 330ක් මරුට – මරණ ගණන ඉහළ යා හැකි බවට වාර්තා

ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ඊයේ (17) රාත්‍රියේ එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 330 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වනවා.

සටන් විරාමය දීර්ඝ කිරීම සඳහා වූ සාකච්ඡා එකඟතාවකට පැමිණීමට නොහැකි වීමෙන් පසු ඊශ්‍රායල හමුදාව මෙම දැවැන්ත ප්‍රහාර ගාසා තීරයට එල්ල කරනු ලැබුවා.

ප්‍රහාරවලින් විනාශ වූ ගොඩනැගිලිවල සුන්බුන් යට වී තවත් බොහෝ දෙනෙක් සිටින බැවින් මරණ සංඛ්‍යාව ඉහළ යනු ඇති බවයි වර්තා වන්නේ.

සටන් විරාමය ක්‍රියාත්මක වූ ජනවාරි 19 වන දිනෙන් පසු එල්ල වූ විශාලතම ගුවන් ප්‍රහාර රැල්ල මෙය බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

සටන් විරාමය දීර්ඝ කිරීම සඳහා වූ සාකච්ඡාවල ප්‍රගතියක් නොමැතිවීම හේතුවෙන් තමන් මෙලෙස ප්‍රහාර එල්ල කිරීමට නියෝග කළ බවයි ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසන්නේ.

මේ අතර ඊශ්‍රායල ආරක්ෂක හමුදා නව ඉවත් කිරීමේ නියෝග නිකුත් කර ඇති අතර, ප්‍රහාර තවදුරටත් ඉදිරියට සිදුකරන බවයි ඊශ්‍රායල සඳහන් කළේ.

ඒ, අනුව ගාසා තීරයේ බෙයිට් හනූන්, කුසා’ආ, අබාසන් අල්-කබිරා සහ අල්-ජඩිඩා යන ප්‍රදේශවලින් ජනතාවට ඉවත් වන ලෙස දැනුම් දී තිබෙනවා.

ඔවුන් බටහිර ගාසා නගරයේ සහ ඛාන් යුනිස් හි නවාතැන් වෙත වහාම යා යුතු බවයි ඊශ්‍රායල ආරක්ෂක හමුදා නියෝග කර ඇත්තේ.

මේ අතර ඊශ්‍රායල අගමැති කාර්යාලය පැවසුවේ හමාස් සංවිධානය ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම ප්‍රතික්ෂේප කිරීම සහ එක්සත් ජනපදයෙන් සහ මැදිහත්කරුවන්ගෙන් ලැබුණු යෝජනා ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව, ඔවුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඊශ්‍රායල ආරක්ෂක හමුදා වෙත උපදෙස් දී ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20