ගාසා තීරයට ආධාර රැගෙන ගිය නැවක් ඊශ්‍රායල හමුදා ග්‍රහණයට

ගාසා තීරයට ආධාර රැගත් නෞකාවක් ඊශ්‍රායල හමුදාව සිය ග්‍රහණයට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ෆ්‍රීඩම් ෆ්ලෝටිලා නැමැති සන්ධානය ටෙලිග්‍රෑම් සටහනක පවසා ඇත්තේ, මැඩ්ලීන් නෞකාව සමඟ සම්බන්ධතාවය නැති වී ගිය බවයි.

මෙලෙස ආධාර රැගෙන ගිය මැඩ්ලීන් නෞකාවේ දේශගුණික ක්‍රියාකාරිනී ග්‍රේටා තුන්බර්ග්, ගේම් ඔෆ් ත්‍රෝන්ස් නළු ලියම් කනිංහැම්, යුරෝපීය පාර්ලිමේන්තුවේ ප්‍රංශ මන්ත්‍රීවරියක වන රීමා හසන් මැඩ්ලී ඇතුළු පිරිසක් සිටින බවයි වාර්තා වන්නේ.

මේ අතර ඊශ්‍රායල හමුදා නැවට ගොඩ වූ බවට තහවුරු කිරීම වෙනුවෙන් ඊශ්‍රායල විදේශ අමාත්‍යාංශය එක්ස් සටහනක් තබමින් පැවසුවේ යාත්‍රාව ආරක්ෂිතව ඊශ්‍රායල වෙරළට ගමන් කරමින් සිටින බවයි.

එමෙන්ම ඔවුන්ගේ මව් රටවලට ආපසු යනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවත් ඊශ්‍රායල විදේශ අමාත්‍යාංශය තැබූ එක්ස් සටහනේ වදිදුරටත් සඳහන්.

මේ අතර අද අලුයම ෆ්‍රීඩම් ෆ්ලෝටිලා සන්ධාන කණ්ඩායම ටෙලිග්‍රෑම් හි ඡායාරූපයක් පළ කළ අතර, එහි නැවේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් ජීවිතාරක්ෂක ජැකට් පැළඳ බෝට්ටුවක් තුළ වාඩි වී සිටින ආකාරය සහ ඔවුන්ගේ දෑත් ඉහලට ඔසවාගෙන සිටින ආකාරය දැක්වෙනවා.

කෙසේ වෙතත් එම ඡායාරූපයේ ඊශ්‍රායල ආරක්ෂක හමුදා සොල්දාදුවන් කිසිවෙකු දැකගැනීමට නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?