ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල පහත් බිම් රැසක් ජලයෙන් යටවෙයි

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල පහත් බිම් ප්‍රදේශ කිහිපයක ජල ගැලීම් තත්ත්වයන් වාර්තා වනවා.

ඒ, අනුව අකුරැස්ස – තවලම මාර්ගය, ඕපාත සහ තලංගල්ල යන ප්‍රදේශයන් ද ජලයෙන් යටවී ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම කොටපොළ – මාතර මාර්ගය සහ අකුරැස්ස – දෙනියාය මාර්ගය ද ජලගැලීම් හේතුවෙන් ගමනා ගමන කටයුතු වලට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වුණේ.

මොරවක නගරයේ ස්ථාන කිහිපයක් ද ජලයෙන් යටවී ඇති අතර, අලපලාදෙණිය ප්‍රදේශයෙන් නෙළුව – මොරවක මාර්ගයට පස්කන්දක් මාර්ගයට කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ගමනා ගමනයට බාධා එල්ල වී ඇති බවට ද තොරතුරු වාර්තා වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?