ගායන ශිල්පිනී සමිතා මුදුන්කොටුව මෙතෙක් නොකී කතාවක් හෙළි කරයි

සමිතා මුදුන්කොටුව කියන්නේ අතිශය ජනප්‍රිය ගී රැසක්ම ගැයූ කවුරුත් දැන අඳුනන ගායන ශිල්පිනියක්. ඒ වගේම ඇය ඇගේ යූටියුබ් නාලිකාවෙනුත් නිරන්තරයෙන් රසිකයින් හමුවෙන්න එනවා.
 
ඒ විදිහට පසුගිය දවසක, වීඩියෝවකින් ආපු ඇය, අපූරූ කතාවක් කිව්වා.
 
මේ තියෙන්නෙ ඒ කතාව.

“මම වැඩක් නැති දේවල්වලට නම් දුක් වෙන කෙනෙක් නෙවෙයි. අපිට අපේ ජීවිතය, ජීවත් වෙන්න ඕනි ජීවිතේ විඳින්න. ඉතින් මම හැමදාම කියනවා වගේ සතුටින් ඉන්න, ජීවිතේ විඳවන්න එපා.. ගොඩක් කට්ටිය ආසයි වැඩක් නැති දේවල් තමන්ගේ කරගෙන ප්‍රශ්නත් එක්ක ගත කරන්න..අනුන්ගේ දේවල් ගැන හිතන් නැතුව තමුන්ගේ දේ හරියට කරගන්න…”
 
“ගොඩක් අය හිතනවා සල්ලි ගොඩක් තිබ්බොත් ජීවත් වෙන්න හරිම ලේසියි කියලා. මම හිතන්නේ සල්ලි ගොඩක් තියෙන තැන්වලත් ප්‍රශ්න තියෙනවා. සමහර අය කැමතියි, කොච්චර දේවල් තිබුණත්, අනේ මට එයාට වඩා නෑනේ කියලා ගොඩක් ජීවිතේ දුකක් කරගන්න. පොඩි උදාහරණයක් කිව්වොත්, ආදරය ගැන කතා කළොත් මම නම් සාමාන්‍යයෙන් කැමතියි ආදරයක් ලස්සනට කරගෙන යනවා දකින්න…”
 
“ඉතින් එහෙම නැතුව, ඒ දේවල්වලට දුක් වේවි, ගෙවල්වල ඒවා කතා කර කර, තමන්ගේ දේවල් අතපසු කරගෙන ජීවත් වෙනකොට, තමන්ගේ කාලයත් නිරපරාදේ අපතේ යනවා. අපිට තියෙන දේ අපි රැකගෙන අපි ලස්සනට ජීවත් වෙමු. එහෙම ජීවිතයක් තමයි මම නම් ගෙවන්නේ. මම කැමතියි හැමෝම ජීවිතේ විඳිනවා බලන්න. හැමවෙලාවෙම අපි පොසිටිව් විදිහට හිතමු…”
 
“මම කැමතියි ඔයාලත් මං විදිහට හිතනවා නම්. මමත් සීයට සීයක් සම්පූර්ණ කෙනෙක් නෙවෙයි. පොඩි කාලේ ඉඳන් මට කිසිම අඩුවක් තිබුණේ නැහැ. ඒ වගේම තමයි, මට ආව ප්‍රශ්න, ප්‍රශ්න කරගත්තෙ නෑ. ඒවා මාධ්‍යයට කියන්න ගියෙත් නෑ. මම හැමවෙලාවෙම නිශ්ශබ්දව ඒවාට උත්තර දුන්නා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
400
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08
Video thumbnail
ගෑස් මිල තවත් වැඩි කරයිද ?.."හරියට ගත්තොත් මීට වඩා වැඩිවීමක් වෙන්න ඕනි"
08:10
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.07
08:34:05
Video thumbnail
"රෝහිතගේ දුවගේ වාහනේ සත්භාවයෙන් ගත්තේ - බස් Strike එක මෙහෙයුවේ මම නෙවෙයි"
07:01
Video thumbnail
පාස්කුව ගැන පොත් ගැහුවට සත්‍ය යටපත් කරන්න බැහැ..අපි දැක්කනේ එදා මහ මොළකරු වාඩිවෙලා හිටපු තැන්
03:28
Video thumbnail
ගෑස් උස්සගෙන සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු
02:05