AFC Banner
Empty Ad
Empty Ad

ගාම්භීර්ට ෂාරුක්ගෙන් හිස් චෙක්පතක්

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ මීළඟ ප්‍රධාන පුහුණුකරු සෙවීමේ මෙහෙයුම ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් මේ වනවිට අරඹා තිබෙනවා.

ඒ, අනුව එම තනතුර සඳහා මෙවර අයි.පී.එල්. ශූරතාව දිනූ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ උපදේශක ලෙස කටයුතු කළ ගෞතම් ගාම්භීර් කෙරෙහි වැඩි අවධානයක් යොමුව ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මෙලෙස ගාම්භීර් කෙරෙහි අවධානයෙන් පසුවන පසුබිමක තව දුරටත් ඔහුගේ සේවය ලබාගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ සම හිමිකරුවන ෂාරුක් ඛාන්ට ද උවමනා වී තිබෙනවා.

ඒ, අනුව ඉදිරි වසර 10ක කාලය සඳහා ද ගෞතම් ගාම්භීර් කොල්කටා කණ්ඩායම සමඟ රඳවා ගැනීමට ෂාරුක් ඛාන්ට අවශ්‍යතාවය පවතින බවයි තොරතුරු වාර්තා වන්නේ.

මෙම අවශ්‍යතාවයත් සමඟ ෂාරුක් ඛාන් විසින් ‘හිස් චෙක්පතක්’ ගාම්භීර් වෙත පිරිනමා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඒ, ගෞතම් ගාම්භීර්ට ඔහුගේ වටිනාකම අදාළ හිස් චෙක්පතේ ලියාගැනීම අවස්ථාව සලසා දෙමින්.

මේ අතර ඉන්දීය කණ්ඩායමේ මීළඟ ප්‍රධාන පුහුණුකරු තෝරාගැනීම සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් ලේකම් ජේ ෂා සඳහන් කළේ, “අපගේ ජාතික කණ්ඩායම සඳහා සුදුසු පුහුණුකරු සොයා ගැනීම ඉතා සූක්ෂම සහ පරිපූර්ණ ක්‍රියාවලියක්. අපි ඉන්දීය ක්‍රිකට් ව්‍යුහය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ඇති සහ ශ්‍රේණිගත කිරීම් හරහා ඉහළට ගිය පුද්ගලයින් හඳුනා ගැනීම කෙරෙහි අවධානය යොමු කරනවා.” යනුවෙන්.

ගාම්භීර් ඉන්දියාවේ මීළඟ ප්‍රධාන පුහුණුකරු වීමට උනන්දු විය හැකි නමුත්, කොල්කටා කණ්ඩායම හැර යාම සම්බන්ධයෙන් ඔහු ෂාරුක් ඛාන් සමඟ කරන සංවාදය විශාල තීරණාත්මක සාධකයක් විය හැකි බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
13
+1
1
+1
5
+1
5
+1
0
+1
3
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔබේ වචනයකින් කාගෙවත් හිතක් රිද්දන්න හිතන්නවත් එපා
04:27
Video thumbnail
පාර්ලිමේන්තුව ඇතුළට යවන්න ඕන හේතුව කියන ඩීනා
05:31
Video thumbnail
KASTHIRAMA | පාර්ලිමේන්තු මැතිවරණ අපේක්ෂිකා භාගේශ්වරී ගුණසේකර සහ ඩීනා රසාංජලී සහභාගිවන කස්තිරම
01:31:47
Video thumbnail
දිලිත්ගේ අපේක්ෂිකාව සහ රංජන්ගේ අපේක්ෂිකාව පැටලෙයි
07:14
Video thumbnail
ඩිෆෙන්ඩර් රථයක් අනතුරේ - මිනිස්සු කියන්නේ ලොහාන් රත්වත්තගේ කියලා
04:20
Video thumbnail
රංජන් තමයි හොරු අල්ලන වැඩ්ඩා
05:11
Video thumbnail
දිල්ෂාන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
02:56
Video thumbnail
පාකින් මාෆියාවට එරෙහිව හඬ නඟන කොමසාරිස්වරිය මාරු කරන්න ලෑස්තියි.මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්
05:53
Video thumbnail
ආරුගම්බේ සිදුවීම ගැන ඔබ නොහිතපු ඇඟ හිරිවැටෙන හෙළිදරව්ව මෙන්න
11:11
Video thumbnail
රනිල් ගෙදර ගියේ මාස 06කට සල්ලි ඉතුරු කරලා - වේලුකුමාර් කියයි
02:43

?