ගානියා බැරිස්ටර්ට අත්හිට වූ සිරදඬුවමක්

අසත්‍ය පැමිණිල්ලක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටි කොළඹ පිහිටි ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක වන ගානියා බැරිස්ටර් ප්‍රැන්සිස් එම චෝදනාවට වරද පිළිගැනීමෙන් අනතුරුව ඇයට අත්හිටවූ සිර දඬුවමක් නියම කිරීමට කොළඹ මහාධිකරණය නියම කළා.

විත්තිකාරියට පෙර වැරදි නොමැති බවට ඉදිරිපත් වූ වාර්තා සලකා බැලීමෙන් අනතුරුව මහාධිකරණ විනිසුරුවරයා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා.

ඒ, අනුව ඇයට බරපතළ වැඩ සහිත වසර දෙකක සිර දඬුවමක් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එය වසර පහකට අත්හිටුවීමට ද නියම කලා.

ඊට අමතරව රුපියල් පන්දහසක දඩයක් ද නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එම දඩය ගෙවීම පැහැර හරිනු ලැබුවොත් මාස තුනක සිර දඬුවමක් නියම කරන බවත් නියෝග කළා.

එමෙන්ම විත්තිකාරිය විසින් රුපියල් ලක්ෂ 20ක වන්දියක් ද ගෙවිය යුතු බව නියම කළ විනිසුරුවරයා එය ගෙවීම පැහැර හරිනු ලැබුවොත් තවත් මාස තුනක සිර දඬුවම් නියම කරන බවයි නියෝගයේ සඳහන් කළේ

2019 වසරේ නොවැම්බර් මස 25 වනදා හෝ ඊට ආසන්න දිනයකදී කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය අසළදී ආයුධ සන්නද්ධ පිරිසක් තමන්ව පැහැරගෙන ගොස් ප්‍රශ්න කොට ලිංගික හිරිහැර සිදුකළ බවට අසත්‍ය පැමිණිල්ලක් සිදුකිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ඇයට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
21
+1
3
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?