ග්‍රෙගරි වැවේ අනතුරට පත් ගුවන් යානය කෑලිකර කොළඹට

පසුගිය බදාදා (07) නුවරඑළිය ග්‍රෙගරි වැවට ගොඩබෑමට යාමේදී අනතුරට ලක්වූ සී ප්ලේන් යානය කොටස් කර කොළඹට රැගෙන යෑමට සිවිල් ගුවන් සේවා අධිකාරිය පියවරගෙන තිබෙනවා.

අනතුරට හේතුව සෙවීමේ විමර්ශන සඳහා මෙලස එම යානය කොටස් කර කොළඹට රැගෙන යාමට තීරණය කර ඇති බව සඳහන්.

ග්‍රෙගරි වැවේ ගොඩබෑමට යැමේදි සිදු වූ අනතුරින් ගුවන් යානයේ ඉදිරිපස කොටස මඩේ සිරවීම නිසා එය ගොඩගැනීමට මතත් වෙහෙසක් දැරීමට සිදු වුණා.

ඒ, අනුව මාස්ටර් ඩයිවර්ස් ආයතනයේ සහයෝගය ද ලබාගෙන යානය අද (09) දින ගොඩගැනීමට කටයුතු කළ අතර, ඊට ගුවන් හමුදාව, පොලිස් ජීවිතාරක්ෂක බලකාය, ග්‍රෙගරි වැවේ බෝට්ටුකරුවන්ගේ සහාය ද හිමිව තිබුණා.

මඩේ සිරවී තිබූ යානය ගොඩ ගෙන ග්‍රෙගරිවැවේ මාගස්තොට ප්‍රදේශයට රැගෙන විත් එම ගුවන් යානය කොටස් කිරීම ආරම්භ කර ඇති බවයි දසත නිව්ස් නුවරඑළිය ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
2
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?