ග්‍රීස් ගහ කඩා වැටී ගස් නැගීමට කප් ගැසූ 05ක් රෝහලේ (ඡායාරූප)

ගම්පොළ, රජඇලගම ප්‍රදේශයේ සංවිධානය කර තිබූ අලුත් අවුරුදු උත්සවයක ග්‍රීස් ගහ කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් පස්දෙනෙක් රෝහල් ගතකර තිබෙනවා.

තුවාලකරුවන් ගම්පොළ රෝහලට ඇතුළත් කර ඇති අතර,එක් පුද්ගලයෙක් ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවයි වාර්තා වුණේ.

ඊයේ (15) දිනයේ රජඇලගම ප්‍රදේශයේ මෙම අලුත් අවුරුදු උත්සවය සංවිධානය කර ඇති අතර, පැය ගණනක උත්සාහයකින් පසු එකිනෙකාගේ කරමතින් නැඟ ග්‍රීස් ගසේ කොඩිය ගැනීමට සූදානම් වන අවස්ථාවේ දී මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

ගස කඩාවැටෙන අවස්ථාවේ දී ක්‍රීඩකයින් පස්දෙනාම එම ගසට නැඟ සිටි බවයි වාර්තා වන්නේ.

මෙම ග්‍රීස් ගස සඳහා උපයෝගී කරගත් පුවක්‌ ගස සංවිධායකයින් විසින් උඩු යටිකුරු කර සිටුවීම හේතුවෙන් එහි ශක්තිමත් භාවය අඩුවීම නිසා ගස මෙලෙස කඩාවැටී ඇති බවයි ඇත්ගාල පොලිසිය පැවසුවේ.

කෙසේ වෙතත් ග්‍රීස් ගසේ ත්‍යාග මුදල් සඳහා ලබාදීමට තිබූ රුපියල් 15,000ක මුදලක් සහ අවුරුදු උත්සවයක නැරඹීමට පැමිණ සිටි පිරිස විසින් එකතු කළ මුදලක් ද සමඟ රුපියල් 37,000ක මුදලක් තුවාල ලැබූ තරගකරුවන් වෙත ප්‍රථිකාර ලබාගැනීම වෙනුවෙන් පිරිනමා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
8
+1
2
+1
5
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15