spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ග්‍රීස් ගහ කඩා වැටී ගස් නැඟීමට කප් ගැසූ 05ක් රෝහලේ (ඡායාරූප)

ගම්පොළ, රජඇලගම ප්‍රදේශයේ සංවිධානය කර තිබූ අලුත් අවුරුදු උත්සවයක ග්‍රීස් ගහ කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් පස්දෙනෙක් රෝහල් ගතකර තිබෙනවා.

තුවාලකරුවන් ගම්පොළ රෝහලට ඇතුළත් කර ඇති අතර,එක් පුද්ගලයෙක් ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවයි වාර්තා වුණේ.

ඊයේ (15) දිනයේ රජඇලගම ප්‍රදේශයේ මෙම අලුත් අවුරුදු උත්සවය සංවිධානය කර ඇති අතර, පැය ගණනක උත්සාහයකින් පසු එකිනෙකාගේ කරමතින් නැඟ ග්‍රීස් ගසේ කොඩිය ගැනීමට සූදානම් වන අවස්ථාවේ දී මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

ගස කඩාවැටෙන අවස්ථාවේ දී ක්‍රීඩකයින් පස්දෙනාම එම ගසට නැඟ සිටි බවයි වාර්තා වන්නේ.

මෙම ග්‍රීස් ගස සඳහා උපයෝගී කරගත් පුවක්‌ ගස සංවිධායකයින් විසින් උඩු යටිකුරු කර සිටුවීම හේතුවෙන් එහි ශක්තිමත් භාවය අඩුවීම නිසා ගස මෙලෙස කඩාවැටී ඇති බවයි ඇත්ගාල පොලිසිය පැවසුවේ.

කෙසේ වෙතත් ග්‍රීස් ගසේ ත්‍යාග මුදල් සඳහා ලබාදීමට තිබූ රුපියල් 15,000ක මුදලක් සහ අවුරුදු උත්සවයක නැරඹීමට පැමිණ සිටි පිරිස විසින් එකතු කළ මුදලක් ද සමඟ රුපියල් 37,000ක මුදලක් තුවාල ලැබූ තරගකරුවන් වෙත ප්‍රථිකාර ලබාගැනීම වෙනුවෙන් පිරිනමා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?