AFC Banner
AFC Banner
Empty Ad

ග්‍රාම නිලධාරී විභාග ප්‍රතිඵල නිකුත් වෙයි

පුරප්පාඩු පවතින ග්‍රාම නිලධාරි තනතුරු සඳහා සම්මුඛ පරීක්ෂණයට සුදුසුකම්ලත් 4,232කගේ නාමලේඛනය අද නිකුත් කළ බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පවසනවා.

ඒ විභාග දෙපාර්තමේන්තුව ලබාදුන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අනුවයි.

ග්‍රාම නිලධාරී පුරප්පාඩු 2002ක් සඳහා විභාග ප්‍රතිඵල අනුව බඳවා ගැනීම් සිදුකිරීමට නියමිතව තිබෙනවා.

ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා සඳහන් කළේ, ගැසට් නිවේදනයට අනුව කඩිනමින් සම්මුඛ පරීක්‍ෂණ පවත්වා ඔවුන් රාජ්‍ය සේවයට එක් කරගන්නා බවයි.

සුදුසුකම්ලැබූවන්ගේ නාමලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ www.moha.gov.lk නිල වෙබ් අඩවියේ පළකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?