ග්‍රාම නිලධාරීන් රතුඑළි දල්වයි – හෙට සහ අනිද්දා අසනීප නිවාඩු

ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් අඛණ්ඩ වර්ජනයකට සූදානම් බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය පවසනවා.

එම සංගමයේ ජාතික සංවිධායක නෙවිල් විජයරත්න මහනුවර දී 05 පැවති මාධ්‍ය හමුවක දී මේ බව සඳහන් කළා.

ඒ අනුව හෙට (06) සහ අනිද්දා (07) දෙදින තුළ 14,000කට අධික ග්‍රාම නිලධාරීන් අසනීප නිවාඩු වාර්තා කරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගට සිදුකරන බවයි ඔහු පැවසුවේ.

සේවා ව්‍යවස්ථාව ස්ථාපිත කිරීම, කාර්යාල , නිල ඇඳුම්, ලිපි ද්‍රව්‍ය, ගමන් වියදම් විධිමත් පරිදි ලබාගැනීම මෙම වර්ජනයේ ප්‍රධාන අරමුණු බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

“මේ වසරේ ග්‍රාම නිලධාරී සේවාවට වසර 61ක් පිරෙනවා. අපි වසර 18ක් තිස්සේ අපේ ගැටලු ලේකම්වරු 17 දෙනෙක්ට, ඇමතිවරු 05 දෙනෙක්ට වගේම ජනාධිපතිවරු තිදෙනෙකුට ඉදිරිපත් කළත් මේ දක්වා විසඳුමක් නෑ. අපි සාකච්ඡා 41 කට සහභාගි වුණා. අපිට ගමන් වියදම මාසෙකට රුපියල් 600යි. ඒකෙන් පෙට්‍රල් ලීටර් 02ක් ගහන්න පුළුවන්ද, නිල ඇඳුම්
දීමනාව වසරකටම රුපියල් 5000යි. එකම ඇඳුම අවුරුද්දක් අඳින්න පුළුවන්ද. ලිපි ද්‍රව්‍ය සඳහා දෙන්නේ රුපියල් 1500 යි. A4 කොළ බණ්ඩලයක් ගන්න පුළුවන්ද, කාර්යාල දීමනාව 1000-2000 අතර මේ මුදලෙන් කාර්යාලයක් පවත්වාගෙන යන්න පුළුවන්ද. අද පොඩි කාමරයක වුණත් කුලිය කීයද. ලයිට් වතුර බිලම කීයක් එනවද. අපේ සොච්චම් පඩියෙන් තමයි මේවට වියදම් කරන්න වෙන්නේ. අපිට පගා ගහන්න කියනවද. ඉස්සර ග්‍රාම නිලධාරී කියන්නේ ගමේ හොඳ වැදගත්කමින් ජීවත් වුණු අය. අද අපේ වෘත්තිය බල්ලට වැටිලා තියෙන්නේ. රජය තමයි අපි බල්ලට දාලා තියෙන්නේ. තවදුරටත් මේ තත්ත්වය ඉවසන්න බෑ. දින දෙකක් පැවැත්වෙන මේ සංකේත වැඩ වර්ජනයට නිසි පිළිතුරක් ලැබුණේ නැත්නම් ඉතා කඩිනමින් අඛණ්ඩ වර්ජනයකට යෑමට ඒකාබද්ධ ග්‍රාම නිලධාරීන් සම්මේලනය සූදානම්.
මේ රටේ ජනතාවගේ උපතේ සිට මරණය දක්වා ග්‍රාමීය මට්ටමේ, බිම් මට්ටමේ සියලු පරිපාලන කටයුතු කරන්නේ අපි. මේක මැතිවරණ වර්ෂයක් කියලා කියනවා. අපි නැතුව මැතිවරණයක් කරන්න පුළුවන්ද, පුළුවන් නම් කරලා බලන්න කියලා අපි අභියෝග කරනවා. දැන් අපේ මේ වර්ජනයට දිසාපතිවරු, ප්‍රාදේශීය ලේකම්වරු බලපෑම් කරනවා. අපි ඒ අයට කියන්නේ අපේ වැඩවලට ඇඟිලි ගහන්න එපා කියලයි. ඒ අයගේ දීමනා සියල්ල වැඩි කරගෙන ඉන්නේ. අපි දැක්කා මහ බැංකුවේ පියන්ගේ වැටුප රුපියල් ලක්ෂ දෙකකට ආසන්නයි. අපේ ජීවිත දිනෙන් දිනම කඩා වැටෙනවා. තවදුරටත් ඉවසන්නේ නෑ. ඉදිරි සති දෙක තුළ රට වටා ඉන්න සියලු ග්‍රාම නිලධාරීන් කොළඹට ගෙනල්ලා දැවැන්ත උද්ඝෝෂණයක් කරනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යාළුවෙක් නුගේගොඩ නිවසක් දුන්නා අපිට..අපේ යාළුවෝ දන්නවා අපි කවුද කියලා
07:27
Video thumbnail
Kasthirama | "ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත් කෙටුම්පතට ඇයි කලබල ? " - කස්තිරම විශේෂ වැඩසටහන
00:00
Video thumbnail
අස්වැසුම ෆෝම් එකක් ඉල්ලන් එන අහිංසක මිනිස්සුන්ට චණ්ඩි පාට් දැමූ කතරගම නිලධාරීන්
03:55
Video thumbnail
සු#මිය රාජපක්ෂලාට Helping වුණාද?.මහින්ද නඩුවෙන් නිදහස් වුණත් JVP තරහින් නිදහස් වෙලා නෑ
05:28
Video thumbnail
කිසිඳු අකාරයක මාධ්‍ය මර්ධනයක් නැහැ.."ජනතාව අහනවා නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත්තේ ඇ‍යි කියලා "
04:34
Video thumbnail
"DMO ඇවිත් මගේ නෝනට මත්ද්‍රව්‍ය දුන්නා"අනේ සර් මගේ දරුවන්ව බේරගන්න,
02:58
Video thumbnail
පොලිස් බිරිඳ සංවේදි වෙයි - මගේ දරුවන්ව ගාව ගන්න එපා මේවට..ළමයි අද ඉස්කෝලේ යන්න බැහැ කියනවා
03:06
Video thumbnail
මන්ත්‍රී ශාන්ත එක්ක පැටලුණු පොලිස් නිලධාරියා මානව හිමිකම් යයි.."දැන් මටයි, මගේ පවුලටයි යන එනමන් නෑ"
06:45
Video thumbnail
රාජිතගෙන් ආණ්ඩුවට උපදෙස්..අද කොහෙද නිදහස් සෞඛ්‍යයක් තියෙන්නේ..අපේ කාලේ 100%ක් තිබුණා
07:56
Video thumbnail
දිට්වා නිසා සහල්වලට වෙන්න යන දේ මෙන්න..මහ කන්නය අවසානයේදී වී අස්වැන්නේ අඩුවක්
07:59


?