ග්‍රාමිය මාර්ගයන්හී පා පැදිකරුවන්ට විශේෂ මං තීරුවක් ඉදිකිරිමට සැලසුම්

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන් අද (01) අනුරාධපුර දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමක් පැවැත්වුණා.

අනුරධපුර දිස්ත්‍රික් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පවතී මෙම රැස්වීමේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවතින ප්‍රවාහන කේෂත්‍රයේ ගැටළු සහා ඉදිරියේ දි සංවර්ධනය විය යුතු කටයුතු පිළිබදව සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

එහිදී අදහස් දක්වමින් බිමල් රත්නායක අමාත්‍යවරයා සදහන් කළේ, පොදු ප්‍රවාහනය මගීන්ගේ පහසුවට සරිලන ආකාරයේ එකක් විය යුතු බවත් දැනට පවතින විනයක් රහිත පොදු ප්‍රවාහනය වෙනුවට පහසුකම්වලින් සමන්විත සුහදශිලි ප්‍රවාහනයක් ඇති කිරිමට සියලු පාර්ශවයන් එක්ව කටයුතු කළ බවයි.

මාර්ග නඩත්තුව ආදිය පිළිබද ප්‍රදේශයේ මන්ත්‍රිවරුන්, ප්‍රාදේශිය සභා සභාපතිවරයා නිතර අවධානයෙන් පසුවිය යුතු බවටද අමාත්‍යවරයා පවසා සිටියා.

එසේම ග්‍රාමිය මාර්ග ඉදිකිරිමේ දි පා පැදිකරුවන් සදහා විශේෂ මං තීරුවක් ඉදිකිරිම පිළිබදව සැලකිලිමත්ව සැලසුම් කළ යුතු බව අමාත්‍ය බ්මල් රත්නායක පෙන්වා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?