ගසක අත්තක් කඩා වැටී රැඳවියෙකු මරුට – දස දෙනෙකු රෝහලේ (වීඩියෝ)

මාතර බන්ධනාගාරයේ G හා F යන වාට්ටු මතට අසල තිබූ බෝ ගසක අත්තක් කඩා වැටී සිදු වූ හදිසි අනතුරකින් එක් රැඳවියෙකු මියගොස් තවත් දස දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

ඊයේ (01) රාත්‍රී 10.30ට පමණ මෙම අත්ත කඩා වැටී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ 34 හැවිරිදි මිදිගම – තුර්කි ගම්මානයේ පදිංචි ව සිටි වීරරත්න විජේනායක ආරච්චිපටබැඳිගේ හසන් චන්නක යන අයයි.

රැඳවියාගේ දේහය මේ වනවිට මාතර මහ රෝහලේ තැන්පත් කර තිබෙනවා.

මාතර බන්ධනාගාරයේ රැඳවියන් 480 දෙනෙකු රඳවා තිබෙන අතර රැඳවියන් පිරිසක් වෙනත් බන්ධනාගාරයකට මාරු කර යැවීමට අවශ්‍ය මූලික කටයුතු සිදුවෙමින් ඇතැයි බන්ධනාගාර පාලනාධිකාරිය පවසනවා.

බන්ධනාගාරයේ අවට ආරක්ෂාවට යුද හමුදා, පොලිස් විශේෂ කාර්ය බලකාය හා පොලිස් නිලධාරින් යොදවා ආරක්ෂාව තර කර තිබෙන බවත් සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15