Empty Ad
AFC Banner
AFC Banner

ගවස්කාර් ටෙස්ට් කුසලානය වෙනුවෙන් කැන්ගරුවන්ගෙන් විශේෂ සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් (වීඩියෝ)

අදින් (22) ආරම්භ වුණ ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියට සමගාමීව පැවැත්වෙන ‘ බෝඩර් ගවස්කාර් ටෙස්ට් කුසලානය’ නැරඹීමට පැමිණෙන ඉන්දීය ක්‍රීඩා ලෝලීන් හට ඔස්ට්‍රෙලියාවෙන් සංචාරක ආකර්ෂණය වර්ධනය වන නැරඹුම් ස්ථාන සහ සැණකෙළි ඇතුළත් විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ; සංචාරක ඉන්දීය කණ්ඩායම සිදු කරන ඔස්ට්‍රෙලියානු තරග සංචාරය ද විනෝදජනක අයුරින් නිමාවට පත් කිරීම සඳහා අවශ්‍ය කරන සෑම සංචාරක ආකර්ෂණය වඩවන වැඩසටහන් සඳහා ද ඔවුන් හට එක්විය හැකි බවයි.

මෙය ඔස්ට්‍රෙලියාවේ ක්‍රිකට් ක්‍රීඩාව මෙන් ම තරග 05කින් සමන්විත ටෙස්ට් තරගාවලිය නැරඹීමට පැමිණෙන සුවහසක් විදේශිකයින් ඉලක්ක කරගනිමින් දියත් කෙරෙන ‘Howzat’ නමින් හඳුන්වන ලද ප්‍රචාරණ වැඩසටහනක්.

සිය සංචාරක කර්මාන්තයේ අභිවෘද්ධිය තකා ඔස්ට්‍රෙලියානු නායක පැට් කමින්ස් සහ ඔස්ට්‍රෙලියානු සංචාරක තානාපති රූබි ද දෘශ්‍යමය වශයෙන් පළ කෙරෙන රූපවාහිනී දැන්වීමක ද රඟපානු ඇති.

හුදෙක් ඉන්දීය සංචාරකයින් ඉලක්ක කරගනිමින් මෙය සිදු කෙරෙන බවයි වාර්තා වන්නේ.

මෙම සංචාරක ප්‍රවර්ධන වැඩසටහන පිළිබඳ ව අදහස් දක්වමින් ඔස්ට්‍රෙලියානු නායක කමින්ස් සඳහන් කළේ; ඉන්දීය සංචාරකයින්ගේ පැමිණීම උණුසුම් අයුරින් පිළිගන්නා බවයි.

කමින්ස් මෙම වැඩසටහන ගැන වැඩිදුරටත් පවසන්නේ මෙවැන්නක්;

ක්‍රිකට් ක්‍රීඩාව වගේම එතනින් එහාට ද රටක් වශයෙන් සොයාගත යුතු දේ බොහෝ තිබෙනවා. අප රටේ විස්මිත වෙරළ තීරයේ සිට ජීවත් වන වනජීවීන් මෙන් ම ස්වභාව සෞන්දර්‍යයේ චමත්කාරය සහ ආගන්තුක සත්කාර ආදියෙන් පෝෂිත බැවින් සංචාරක ඔබව පිළිගන්නා තෙක් ඉවසිල්ලක් අපට නැහැ..” යනුවෙන්.

සිය රටේ පෞරාණික මෙන් ම සංචාරක ආකර්ෂණය අතිශයින් ඉහළ ස්ථාන ලෙස මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණය, කේප් ට්‍රිබියුලේෂන්, රොට්නෙස්ට් දූපත, කැන්ගරු දූපත මේ අතර ප්‍රමුඛත්වය ගන්නා බව ද කමින්ස් සිය වෙළෙඳ දැන්වීම මගින් පවසනවා.

ඔස්ට්‍රෙලියානු වෙළෙඳ අමාත්‍ය ඩොන් ෆැරල් මහතා ඉන්දීය සංචාරය දකිනුයේ හුදෙක් ස්වර්ණමය අවස්ථාවක් ලෙසයි.

අද ආරම්භ වන මෙම ප්‍රචාරණ ව්‍යාපාරයේ අරමුණ ක්‍රිකට් ක්‍රීඩාවෙන් ආකර්ෂණය වූ ප්‍රේක්ෂක පිරිසකට කැන්ගරු දේශයේ විස්මිත ගමනාන්ත සහ අද්විතීය අත්දැකීම් තිළිණ කිරීම බව ද ඔස්ට්‍රෙලියානු රජය ප්‍රකාශ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?