මහඔය පොලිස් වසමේ බෙරගල රක්ෂිතයේ කාන්තාවක් ඝාතනය කර ඇති බවට මහඔය පොලිස් ස්ථානය වෙත ඊයේ (24) තොරතුරක් ලැබී තිබෙනවා.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පෙරේදා (23) පස්වාරුවේ ගවයින් බැඳීම සඳහා රක්ෂිතයට ගොස් සිටි කාන්තාවක්.
අදාළ කාන්තාව ගවයින් බැඳීම ගොස් නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් නිවැසියන් හා ප්‍රදේශවාසීන් එක්ව සිදු කළ ප්‍රදේශය සෝදිසි කර තිබෙනවා.
එහිදී රක්ෂිතයේ දොල පාරක් අසල තිබී ගෙල ප්‍රදේශයේ කැපුම් තුවාල සහිත ඇයගේ මෘත ශරීරය තිබී සොයාගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.
ඝාතනයට ලක්ව ඇති කාන්තාව වයස අවුරුදු 46 ක් වූ වරාපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි වාර්තා වුණේ.
ඝාතනයට හේතුව හා ඝාතනය කවුරුන් විසින් සිදු කළේ ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය අම්පාර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.
මහඔය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



