ගවයින් ප්‍රවාහනය කළ ලොරියක් අල්ලයි – එක් ගවයෙකු මිය ගිහිං

නීතිවිරෝධී අයුරින් සහ සත්ත්ව හිංසනය සිදු වන ආකාරයෙන් ගවයින් ප්‍රවාහනය කළ ලොරි රථයක් සහ පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මිහින්තලය පොලිසිය විසින් මෙම වැටලීම සිදු කරනු ලැබුවා.

පොලිසිය පැවසුවේ ලොරි රථය නවතා සිදු කළ පරීක්ෂාවේ දී එහි පසුපස ආවරණය කරමින් ප්‍රවාහනය කරමින් සිටි මෙම ගවයින් සොයා ගත් බවත්; එම අවස්ථාවේදී ද එක් ගවයෙකු මියගොස් සිටි බවයි.

සෙට්ටිකුලම ප්‍රදේශයේ සිට ගම්පොළ දක්වා ගවයන් ප්‍රවාහනය කළ මෙම ලොරි රථය රඹෑව ප්‍රදේශයේ දීයි අත්අඩංගුවට ගැනුණේ.

ලොරි රථය අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී ගවයන් 25 දෙනෙකු එහි සිට තිබෙනවා.

සැකකරුවන් කහටගස්දිගිලිය හා තිරප්පනය ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් හෙට (01) දිනයේදී අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්දේ අහන්න ඕන අඳුරු මතක - අපි මාර විදිහට දුක් වින්දා මහත්තයෝ
32:04
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.09
09:30:44
Video thumbnail
අනුරපුරම කම්පා කළ අනියම් පෙම - ජීවිතය නැති කරලා පාංශුකූලයත් දීලා
04:01
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රී හැමෝම හඬවා අවසන් ගමන් ගිය හැටි
18:17
Video thumbnail
ඇයි වයසක අපිව මෙහෙම රැවට්ටුවේ - වැඩි කරනවා කියපු අපේ විශ්‍රාම වැටුප කෝ
08:23
Video thumbnail
ගාන්ධිතුමාගේ සරලකම ගැන ඔබ නොදත් කතාව
03:27
Video thumbnail
පිල්ලයාන් ගත්තා කියලා දැනගත්ත ගමන් මිනිස්සු පාරට බැහැලා සතුට සමරපු හැටි
00:19
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක
00:32
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක - මර්වින්ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත්
05:34
Video thumbnail
වසන්ත පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අපි තමයි අපේ රටේ ත්‍ර#තවාදය පරාජය කළේ
20:26

?