ගල් අඟු‍රු සහ පෙට්‍රල්වලට මුදල් ගෙව්වා – බලශක්ති ඇමති

දෙවන ගල් අඟු‍රු නෞකාවට අත්තිකාරම් මුදල් ගෙවීම ඊයේ (30) අවසන් කළ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

එමෙන්ම ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,000ක් සඳහා මුදල් ගෙවා ඇති බවත්, ඒවා ගොඩබෑමේ කටයුතු ද ආරම්භ කර ඇති බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ.

මේ අතර ඉන්ධන මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධනයක් අද (01) දිනයේ දිදුකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?