ගරාජයක ටින්කරන් කරන අවුරුදු 17 දෝණි

ගරාජයක සිට යකඩ කඳන් පාට කරන්නේ
මගේ ජීවිතය ලස්සන කරගන්න

අත් දෙකේ මජං ගාගෙන,වාහන යට රිංගන් යකඩත් එක්ක ඔට්ටුවන පිරිමින් අතරේ ඊට නොදෙවෙනි දියණියක් පිළිබඳ මේ දිනවල වැඩි කතා බහට ලක් වී තිබේ.පිරිමින් හා උරෙනුර ගැටෙන් ගැරිජ් වැඩ කරන කාන්තාවන්ද නැත්තේම නොවෙයි.මේ කතා කරන්න යන චරිතය ඉන් වි‍ශේෂ වූවක්.තනියම වාහන ටින්කරින්,පේන්ටින් කරන මෙම දියණිය හමුවන්නේ නොච්චියාගමිනි.

• නම – දෙවුමිණි පාරින්ද්‍යා
• ගම – අනුරාධපුරය,නොච්චියාගම
• වයස – අවුරුදු 17

පියාගේ අත්,කකුල් හිරි වැටෙන රෝගයටත් වියදම් කරමින්, ගෙවල් කුලියත් ගෙවමින්,පවුලේ වියදම් දරමින්,ඇය සහ නැගණියගේ අධ්‍යාපන කටයුතු සඳහා මුදල් සොයා ගැනීම සිදුකරන්නේද මෙම වාහන ටින්කරින් ව්‍යාපාරය හරහාය.

“මේ ටින්කර් ජොබ් එක කරන් යද්දී යාලුවො එහෙම විහිලු තහලු කළා මොකක්ද මේ ජොබ් එක කියලා.ගැහැණු ළමයෙක්ට ගැලපෙන්නේ නෑනේ කියලාත් කිව්වා..ඒ කිසිම දේකින් සැලෙන්නේ නැතුව ධෛර්යමත්ව මං මේක දිගටම කරන් යනවා.”

අපොස සාමාන්‍ය පෙළ හදාරා උසස් පෙළ ලිවීමට සූදානමින් සිටින ඇය ඒ සඳහා තාක්ෂණවේදය විෂය ඉගෙන ගැනීමට බලාපොරොත්තුවෙන් පසුවෙයි.වේ වනවිට අනුරාධපුරය නොච්චියාගම 38 කණුව ප්‍රදේශයේ ගරාජයක් පවත්වා ගෙන යනු ලබයි.

“සාමාප්‍රධායත් සමග ජීවත් වෙන්න ගියොත් අපිටත් වෙන්නේ අනිත් අය හා සමාන ජීවිතයක් ගත කරන්න.ඒත් තමන්ගේ හිතේ මවාගත්තු ඒ ලෝකයත් එක්ක ඉස්සරහට යන්න පුළුවන්නම් සමාජයේ අනිත් අයට වඩා හොඳ ජීවිතයක් ගත කරන්න අපිට පුළුවන්.”

“ටින්කරින්,පේන්ටින් වැඩ කරාට,යකඩ කඳක් පේන්ටින් කරාට මං හිතන්නේ මේ හැමදේම මගේ ජීවිතය ලස්සන කරගන්න කරන දේවල් කියලයි මං හිතන්නේ.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?