ගරාජයක ටින්කරන් කරන අවුරුදු 17 දෝණි

ගරාජයක සිට යකඩ කඳන් පාට කරන්නේ
මගේ ජීවිතය ලස්සන කරගන්න

අත් දෙකේ මජං ගාගෙන,වාහන යට රිංගන් යකඩත් එක්ක ඔට්ටුවන පිරිමින් අතරේ ඊට නොදෙවෙනි දියණියක් පිළිබඳ මේ දිනවල වැඩි කතා බහට ලක් වී තිබේ.පිරිමින් හා උරෙනුර ගැටෙන් ගැරිජ් වැඩ කරන කාන්තාවන්ද නැත්තේම නොවෙයි.මේ කතා කරන්න යන චරිතය ඉන් වි‍ශේෂ වූවක්.තනියම වාහන ටින්කරින්,පේන්ටින් කරන මෙම දියණිය හමුවන්නේ නොච්චියාගමිනි.

• නම – දෙවුමිණි පාරින්ද්‍යා
• ගම – අනුරාධපුරය,නොච්චියාගම
• වයස – අවුරුදු 17

පියාගේ අත්,කකුල් හිරි වැටෙන රෝගයටත් වියදම් කරමින්, ගෙවල් කුලියත් ගෙවමින්,පවුලේ වියදම් දරමින්,ඇය සහ නැගණියගේ අධ්‍යාපන කටයුතු සඳහා මුදල් සොයා ගැනීම සිදුකරන්නේද මෙම වාහන ටින්කරින් ව්‍යාපාරය හරහාය.

“මේ ටින්කර් ජොබ් එක කරන් යද්දී යාලුවො එහෙම විහිලු තහලු කළා මොකක්ද මේ ජොබ් එක කියලා.ගැහැණු ළමයෙක්ට ගැලපෙන්නේ නෑනේ කියලාත් කිව්වා..ඒ කිසිම දේකින් සැලෙන්නේ නැතුව ධෛර්යමත්ව මං මේක දිගටම කරන් යනවා.”

අපොස සාමාන්‍ය පෙළ හදාරා උසස් පෙළ ලිවීමට සූදානමින් සිටින ඇය ඒ සඳහා තාක්ෂණවේදය විෂය ඉගෙන ගැනීමට බලාපොරොත්තුවෙන් පසුවෙයි.වේ වනවිට අනුරාධපුරය නොච්චියාගම 38 කණුව ප්‍රදේශයේ ගරාජයක් පවත්වා ගෙන යනු ලබයි.

“සාමාප්‍රධායත් සමග ජීවත් වෙන්න ගියොත් අපිටත් වෙන්නේ අනිත් අය හා සමාන ජීවිතයක් ගත කරන්න.ඒත් තමන්ගේ හිතේ මවාගත්තු ඒ ලෝකයත් එක්ක ඉස්සරහට යන්න පුළුවන්නම් සමාජයේ අනිත් අයට වඩා හොඳ ජීවිතයක් ගත කරන්න අපිට පුළුවන්.”

“ටින්කරින්,පේන්ටින් වැඩ කරාට,යකඩ කඳක් පේන්ටින් කරාට මං හිතන්නේ මේ හැමදේම මගේ ජීවිතය ලස්සන කරගන්න කරන දේවල් කියලයි මං හිතන්නේ.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"බලන්න ජනාධිපතිතුමාගේ ඒ සරළ නිහතමානීකම"
00:19
Video thumbnail
ශිරන්ති ෆ්ලයිට් එකට නගින්න විනාඩි 5කට කළින් දුවගෙන ඇවිල්ලා FCID එන්න කියලා
01:06
Video thumbnail
ගොවි රැළියට ආවේ ගොවියෝ නෙවෙයිද ?ඔය චෝදනාව අපි බාරගන්නේ නෑ - විහිළු කතා
03:00
Video thumbnail
අර්චුනාට පිස්සු ද..? අපි අනුකම්පාවෙන් බලන්න ඕනේ
03:44
Video thumbnail
මන්දකට හසුවූ කොටියව බේරගද්දි නොසිතූ ප්‍ර#රයක් - සංවේදී දර්ශන සහිතයි
02:01
Video thumbnail
නාමල්ව නවත්වන්න මේ ආණ්ඩුවට කිසිසේත්ම බෑ
01:38
Video thumbnail
නාමල් අන්තිමට කියලා ගිය දේ.. මම උත්තර දුන්නොත් මහත්තුරුන්ට ප්‍රශ්නයක් වෙනවා
00:54
Video thumbnail
රාජපක්ෂ පවුලේ නඩු නැති කෙනෙක් නෑනේ - අනේ අර වයසක උන්දටත් නඩුනේ..කට්ටියගේ ලෙඩ වැඩිවෙලා
01:40
Video thumbnail
අනුරාධපුරට ලක්ෂ ගාණක් වෙන් කළා නේද.. කෝ ඒවා..?
02:07
Video thumbnail
නාමල්ගේ සගයන් කොටුව උසාවියට එයි
00:32