ගමේ පාර කාපට් කරන ව්‍යාපෘතියේ ඇස්තමේන්තුව ගමට ප්‍රදර්ශනය කරලා (ඡායාරූප)

හෝමගම ප්‍රාදේශීය සභාවේ සංවර්ධන ව්‍යාපෘති සිදුකිරීමේ දී අදාළ ව්‍යාපෘතිය සඳහා වැය වන මුදල සඳහන් ඇස්තමේන්තුව අදාළ ව්‍යාපෘතිය සිදුවන ස්ථානය අවට ප්‍රදර්ශනය කළ යුතු බවට තීරණයක් ගෙන තිබෙනවා.

මෙම තීරණයට අනුව හෝමාගම, පාලගම, දේරුක්උන්න මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමේ දී වැය වන මුදල මහජනතාවට ප්‍රදර්ශනය කිරීමට පසුගිය දා කටයුතු කර තිබුණා.

ඇස්තමේන්තුව එලෙස ප්‍රදර්ශනය කර ඉදිකිරීම් කටයුතු සිදුකිරීම පිළිබඳව ප්‍රදේශවාසීන්ගේ ප්‍රසාදය හිමි වූ බවයි දසත නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර ඉදිරියේ දී භාෂා ත්‍රිත්වයෙන්ම ඇස්තමේන්තු අදාළ සංවර්ධන ව්‍යාපෘතිය සිදුවන ස්ථානයේ දර්ශනය කළ යුතු බවටවන තීරණයක් ද ගෙන තිබෙනවා.

එමෙන්ම සංවර්ධනය ව්‍යාපෘතිය අවසන් කිරීමෙන් පසු සවිකරණ දැන්වීම් පුවරු ද ඉවත් කර එම මුදල් ද අදාළ ව්‍යාපෘතියට යෙදවීමේ තීරණයකට හෝමගම ප්‍රාදේශීය සභාව එළඹ ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
246
+1
1
+1
47
+1
2
+1
4
+1
4
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?